‘Active Citizens’ Social Action For Climate Change වැඩසටහන ත්‍රිකුණාමලයේදී නිමාව දකී

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලය Muslim Aid සමග එක්ව සංවිධානය ‘Active Citizens: Action for Climate Change’ වැඩසටහන ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සාර්ථකව අවසන් විය. මේ වනවිට ලෝක ජනගහනය මුහුණ පා සිටින බරපතළම තර්ජනය වන දේශගුණ විපර්යාසය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට තරුණ පරපුර යොමු කරවන සුවිශේෂී ව්‍යපෘති 6ක් මෙම වැඩසටහනට ඇතුළත් වී තිබූ අතර, ඒවා Kinniya Climate Resilience, Parijatham, Muthur Guardians, Tiny Tide, Diamond Model Village සහ Man Grow  ලෙස නම්කර තිබිණි.

දේශගුණ විපර්යාසය පිළිබඳව දැනුම වර්ධනය කරමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණ පරපුර අතර සමාජයීය නායකත්වය ප්‍රවර්ධනය කිරීම Kinniya Climate Resilience ව්‍යාපෘතියේ අරමුණ විය. ඒ යටතේ කින්නියා ප්‍රදේශයේ අල් ඉුර්ෆාන් මහා විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ සිසුන් ඉලක්ක කරගෙන, දේශගුණ විපර්යාසය සම්බන්ධ ප්‍රධාන ගැටලු ආවරණය කරන එක්දින වැඩමුළුවක් සංවිධානය කරන ලදි. එහිදී පරිසරය පිරිසිදු කිරීම, ගස් සිටුවීම සහ වෙනත් පරිසර හිතකාමී වැඩසටහන් වලට දායක වීම සඳහා සිසුන් දිරිමත් කිරීම සිදුවිය.

Muthur Guardians ව්‍යාපෘතිය යටතේ, මුතුර් හි නඩුත්තීව් ප්‍රදේශයේ ජලාශ වල ඇල්ගී සහ ජලාශ අපවිත්‍ර කරන අනෙකුත් ද්‍රව්‍ය ඉවත් කිරීම සිදුවිය. ව්‍යාපෘතියට සම්බන්ධ වූ අයෙකු කියා සිටියේ, මෙම ප්‍රදේශයේ දැඩි පරිසර දූෂණය හේතුවෙන් නයිට්‍රජන් සහ පොස්පරස් අතිරික්තයක් ඇති වී එමගින් ඇල්ගී ව්‍යාප්තිය බරපතළ මට්ටමකින් සිදුවෙමින් පවතින බවයි.

මෙමගින් හානිකර විෂද්‍රව්‍ය සහ ‘මළ කලාපයන්’ බිහිවන අතර, පිරිසිදු ජලය මත රඳා පවතින කර්මාන්තවලට ඉන් දැඩි බලපෑමක් එල්ල වේ.

සාගර දූෂණය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීම ඉලක්ක කරගත් ඔසාහ ඔසාැ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය නගර සභාව, ස්වේච්ඡා සේවකයන් සහ ප්‍රදේශවාසීන්ගේ දායකත්වය සහිතව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කරමින් ජනතාව දැනුවත් කරන ලද අතර, වෙරළාශ්‍රිතව කසළ බඳුන් තැන්පත් කරන ලදී.

Diamond Model Village ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලයේ මුතූර් ප්‍රදේශයේ තෝරාගත් පවුල් 20 ක් කාබනික ගොවිතැන වෙත යොමුකරවීම සිදුවිය. එමෙන්ම හරිතාගාර ඉදිකිරීම, හෙළිපෙහෙළි කරන ලද වනබිම් වල නැවත ගස් සිටුවීම සහ කෘෂිකර්ම විශේෂඥයන්ගේ දායකත්වය සහිතව කාබනික කෘෂිකර්මය මගින් ලැබෙන ප්‍රතිලාභ පැහැදිලි කර දීම ආදියද සිදුකෙරිණි.

Man Grow ව්‍යාපෘතියේ ඉලක්කය වූයේ, ස්වාභාවික විපත් අවම කිරීමේ අරමුණින් කින්නියා වෙරළ තීරයේ කඩොලාන ශාක සිටුවීම ය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව වෙතින් පළ වූ උනන්දුව සහ ඉන් ලැබුණු ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන් බෙහෙවින් තෘප්තිමත් බවත්, රටේ තත්ත්වය යහපත් වූ පසුව මෙම ව්‍යපෘති රටේ වෙනත් ප්‍රදේශවලද ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් මෙහි සංවිධායකවරු පැවසූහ●

Leave A Reply

Your email address will not be published.

12 + eighteen =