වැල් පාලම අබලන්; ගම්වැසියන්ගේ ජීවිත අවදානමේ

මතුගම, දිප්පිට වැල් පාලම දිරාපත් වීම නිසා පාලම මතින් ගමන් කරන තමන්ගේ ජීවිත මූණමල්වත්ත ගඟට වැටීමේ අනතුරුදායක තත්ත්වයක් මතුව ඇතැයි දිප්පිට, කොටගෙදර ගම්මානවල ජනතාව පවසති.
මූණමල්වත්ත ගඟ හරහා යටත්විජිත සමයේ වතු පාලකයන් මද්දෙගෙදර වත්තේ වතු කම්කරු ජනතාව වෙනුවෙන් ඉදි කළ මේ කම්බි පාලම පසුකාලීනව බස්නාහිර පළාත් සභාව මඟින් අවස්ථා ගණනක දී ප්‍රතිසංස්කරණය කර ඇතත්, එය තවමත් අබලන්ව පවතී.
කටුගහහේන – දිප්පිට යා කෙරෙන මෙම කම්බි පාලම මඟින් හේන්පිට, නවුත්තුඩුව, ජයවර්ධනගොඩ, දිප්පිට, වැලිපැන්න, ලෙව්වන්දුව, ඇතුළු ගම්මාන රැසක පවුල් සිය ගණනක් මෙම හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.
කටුගහහේන රෝහලට, වැලිපැන්න පොලිසියට, සතිපොළට යන මද්දෙගෙදර වත්තේ කම්කරු ජනතාවට පමණක් නොව උදේ හවස රැකියාවට යන සියලු දෙනාට සිය යතුරුපැදිය හෝ පා පැදිය වැල් පාලමෙන් එගොඩට ගැනීමට මහත් වෑයමක් දැරීමට සිදු වන බව එම ජනතාව පවසති.●

 

ශිවන්තිකා මුතුගලගේ –  මතුගම.
Leave A Reply

Your email address will not be published.

1 × three =