ඩොල්ෆින් මත්සයාට අවශ්‍ය වූයේ ඔහු සමඟ සෙල්ලම් කිරීමට නොව ඊට වඩා යමක් ප්‍රකාශ කිරීමට

48

සුප්‍රසිද්ධ ඉතාලි කිමිදුම්කරුවෙකු වන ‘එන්සෝ මයෝර්කා’ එදා ඉතාලියේ සිරකූස් මුහුදට යන්නේ සුපුරුදු විදියට තම දියණිය වන රොසානා සමඟ කිමිඳුම්කරනයේ යෙදෙන්නයි…. සියළුම ආම්පන්න වලින් සන්නද්ධ වෙන මොවුන් දෙදෙනා මුහුදට පැණීමට පෙර කුඩා බෝට්ටුවේ ගැට්ටේ ඉඳගෙන කතා කරමින් සිටින්නවා… ටික වේලාවකින් ඔවුන් දෙදෙනා කිමිඳුම සඳහා පනින්නට ලෑස්ති ​​වන විට තම පිටට යන්තම් යමක් වැදුනාසේ එන්සෝට දැනෙනවා… ඔහු නැවත හැරී මුහුද දෙස බලන විට ඔවුන්ගේ බෝට්ටුව අසල ඩොල්ෆින් මත්සයෙක් පිහිනමින් සිටින ආකාරයත් එම මත්සයා විසින් මෙසේ පහරක් ගසන්නට ඇති බවත් මොවුන් දෙදෙනා තේරුම් ගන්නවා… ඒ අවස්ථාවේ ඩොල්ෆින් මත්සයාට අවශ්‍ය වූයේ ඔහු සමඟ සෙල්ලම් කිරීමට නොව ඊට වඩා යමක් ප්‍රකාශ කිරීමට බව ඩොල්ෆින් මසුන් සම්බන්ඳයෙන් හසල අත්දැකීම් ඇති මොවුන් දෙදෙනා තේරුම් ගන්නවා…
කෙසේ නමුත් මුහුදට පනින එන්සෝ සහ රොසානා ඩොල්ෆින් මත්සයා අනුගමනය කරමින් ඔහු පසුපස කිමිදීමට පටන් ගන්නවා… මෙසේ ඩොල්ෆින් මත්සයා සමඟ මීටර් 12ක් පමණ ගැඹුරට කිමිදෙන මොවුන් දෙදෙනාට අතහැර දැමූ දැලක සිරවී සිටින තවත් ඩොල්ෆින් මත්ස්‍යයෙක් දකින්නට ලැබෙනවා… අර ඩොල්ෆින් මත්සයා විසින් සිරවී සිටින මෙම මත්සයා අසලටම මොවුන් දෙදෙනාව රැගෙන යනවා… එන්සෝ සහ දියණියට ඉක්මණින් ක්‍රියාත්මක වී කිමිදුම් පිහියෙන් දැල් කපා වැඩි වෙලාවක් යන්නට කළින් ඩොල්ෆින් මත්සයාව නිදහස් කරගැනීමට සමත් වෙනවා… ඉන් පසු එන්සෝ විස්තර කරන ආකාරයට එම සත්වයා විඳිමින් සිටි පීඩාව අවසාන් කරමින් විවිධ ශබ්දයන් නිකුත්කර තිබෙනවා… සාමාන්‍යයෙන් ඩොල්ෆින් මත්සයෙකුට විනාඩි 10 ක් පමණ ජලය යට රැඳී සිටිය හැකි බවත් පසුව ඔවුන්ට ජලය මතුපිටට පැමිණ නැවත ඔක්සිජන් ලබාගත යුතු බවත් එන්සෝ පවසනවා…
මුදාහැරීමෙන් පසුව එම ඩොල්ෆින් මත්සයා සහ අනෙකා විසින් එන්සෝ සහ රොසානාට නැවත ජලය මතුපිටට පැමිණීමට උදව් කර තිබෙනවා… ඔවුන් පුදුමයට පත්වන්නේ එවිටය… දැලේ සිරවී සිටි එම ඩොල්ෆින් සත්වයා ගැහැණු සත්වයෙකු බවත් ඇය ඒ වන විටත් ගැබ්ගෙන සිටින බවත් ඔවුන්ට වැටහී යනවා… පිරිමියා සත්වයා ඔවුන් වටා පිහිනමින් එකවරම එන්සෝ ඉදිරිපිට නතර වී, ඔහුගේ කම්මුල ස්පර්ශ කරමින් හාදුවක් දෙන්නාක් මෙන් කෘතඥතාවයේ අභිනයකින් පසුව මසුන් දෙදෙනාම ඈතට පිහිනා යනවා…
“මිනිසා සත්ව ලෝකයට ගරු කිරීමට හා සන්නිවේදනය කිරීමට ඉගෙන ගන්නා තුරු, ඔහුට මේ පෘථිවියේ ඔහුගේ සැබෑ භූමිකාව දැන ගැනීමට නොහැකි වෙනවා” එන්සෝ මයෝර්කා සිය කතාව අවසන් කරමින් වැඩිදුරටත් පවසා සිටිනවා….
– ධම්මික සමරතුංග (fb)

Previous articleසර්ප – කිකිළි දූපතේ ‘ෆිෆ්ටි’
Next articleඅල්තීනායි ගයන මේ දුයිෂෙන්ගේ ජීවන ගීතය – එය සිද්ධ වුණේ 1924 අවුරුද්දේදී..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here