ඔබේ ජීවන යාත්‍රාව පැදවීමට අන් අයට ඉඩ නොදෙන්න

ඔයාටත්, මටත්, අප සියලු දෙනාට මත් ජීවිතය නමැති යාත්‍රාවේ ගමන් කරන විට නොයෙකුත් බාධාවලට මුහුණ දීමට සිද්ධ වෙනවා. නමුත්, ඇතැම් බාධාවලින් ඔයා අසාර්ථක වන්නට ඇති. ඔයා, ඔයා කෙරෙහි විශ්වාසයකින් යුක්තව එම බාධාවලට මුහුණ දුන්නා නම්, ඔයා එම බාධා මැඬගෙන සාර්ථකත්වය කරා ළගා වන්නට ඇති. නමුත් ඔයා, ඔයා කෙරෙහි අවිශ්වාසයකින් යුක්තව ඒවාට මුහුණ දුන්නා නම් ඔයා අසාර්ථක වන්නට ඇති. 

ඔයාට එදිනෙදා ජීවිතයේ දී හමු වන සෑම බාධාවකින් ම ජය ගැනීමට අවශ්‍ය නම්, ඔයාගේ ගැටලුවලට අනෙක් අය උත්තර සොයලා දෙන තෙක් බලාගෙන ඉන්නෙ නැතුව ඔයා විසින් ම උත්තර  සොයා ගන්න ඕනෑ. මොක ද? ඔයාගෙ ප්‍රශ්නවලට උත්තර තියෙන්නේ ඔයා ළඟ මිසක් අනෙක් අය ළඟ නොවේ. “අරයා කරලා දෙයි. මෙයා කරලා දෙයි” යනුවෙන් සිතමින් ඉන්නෙ නැතුව තමන්ගේ දියුණුවට ඕනෑ දේවල් තමන් විසින්ම කර ගන්න දරුවන්ව කුඩා කාලයේ සිටම පුරුදු කිරීම දෙමාපියන්ගේ වගකීමක්. අනික් අය ඔයාගේ ප්‍රශ්න විසඳලා දෙනකම් ඉන්නෙ නැතුව “ඔව්, මට පුළුවන්. (Yes I can)” ලෙසින් ඔයා ඔයා කෙරෙහි ආත්ම විශ්වාසය ඇති කරගෙන ඔයාට එන ඕනෑම බාධාවකට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ඔයා තුළ කුඩා කාලයේ සිටම ගොඩනඟා ගන්න ඕනේ. එහි දී ඔයා ඔයා සතුව තියෙන ශක්ති මොනවා ද? ඔයාගෙ දුර්වලතා මොනවා ද? ඔයාට තියෙන අවස්ථා මොනවා ද? ඔයාට තියෙන තර්ජන මොනවා ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

තමන්ගේ දියුණුවට ඕනෑ දේවල් තමන් විසින්ම කර ගන්න දරුවන්ව කුඩා කාලයේ සිටම පුරුදු කිරීම දෙමාපියන්ගේ වගකීමක්. අනික් අය ඔයාගේ ප්‍රශ්න විසඳලා දෙනකම් ඉන්නෙ නැතුව “ඔව්, මට පුළුවන්. (Yes I can)” ලෙසින් ඔයා ඔයා කෙරෙහි ආත්ම විශ්වාසය ඇති කරගෙන ඔයාට එන ඕනෑම බාධාවකට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ඔයා තුළ කුඩා කාලයේ සිටම ගොඩනඟා ගන්න ඕනේ.

ඒ වගේම ඔයා ඔයාට නැති දේවල් ගැන දුක් නොවී ඔයාට තියෙන දේවල් ගැන හිතලා, ඔයා ඔයාට ම ගරු කරන්න පුරුදු වෙන්න.  තමන්ට නැති දේවල් පිළිබඳව දුක් වෙවී සිටියා නම්, අද වන විට ඕස්ටේ්‍රලියානු ජාතික නික් වොයෙචික් (Nick Vujicic) නම් පුද්ගලයා ප්‍රසිද්ධ අභිප්‍රේරණ කථිකයකු (motivation speaker) නොවනු ඇත. මොක ද? ඔහු උපතින්ම අත් පා නොමැති ආබාධිත පුද්ගලයෙකි. ඒ වගේම මෙම වසරේ පවත්වන ලද පැරා ඔලිම්පික් තරගයේ හෙල්ල විසි කිරීමේ තරගයෙන් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට ගෙනා දිනේෂ් ප්‍රියන්ත තමන්ට අහිමි වුණු දේවල් ගැන සිත සිතා දුක් වෙවී හිටියා නම්, අප රටට එම රන් පදක්කම නොලැබන්නට ඉඩ තිබුණා. මොක ද?  දිනේෂ් ප්‍රියන්ත කියන්නේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටින අතරතුර 2008 වසරේ දී වම් අතට වෙඩි වැදී අතේ මාංශ පේශිවල ශක්තියට හානි වීම නිසා ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයෙකි.

ඒ වගේම ඔයා යම් අරමුණක් කරා ගමන් කරන විට ක්‍රමක්‍රමයෙන් ඒ කරා ගමන් කරන්න ඕනෑ. මොක ද? ඔයාට එකවර විශාල අරමුණක් වෙත ගමන් කරන්න අමාරුයි. මොක ද? ලොකු හීනවලට යන්න ලොකු කාලයක් ගත වෙනවා. එතකොට ඔයාගෙ ආත්ම විශ්වාසය අඩු වෙනවා. නමුත්, ප්‍රධාන අරමුණ කුඩා අරමුණුවලට බෙදා ගත්තාම, කුඩා අරමුණු ජය ගත්තා ම ඔයා තුළ ඒ කෙරෙහි ආත්ම විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාසයෙන් ඔයාට ප්‍රධාන අරමුණ වෙත ඉතා ඉක්මනින් හා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්.

ඔයා මොකක් හරි කරන්න හදන කොට සමාජයෙන් ඔයාට බොහෝ වෙලාවට ලැබෙන්නේ සෘණාත්මක ප්‍රතිචාර විය හැකි ය. “අයියෝ… ඔයාට ඕක කරන්න බෑ… ඕක ඔහොම නෙමෙයි කරන්නේ…” ආදී ලෙසින් ඔයාගේ අඩුපාඩු කියමින්, ඔයාව විවේචනය කරමින්, ඔයාව අධෛර්යයට පත් කරන පිරිස බොහෝ ය. ඒකෙන් වෙන්නේ ඔයාගේ ආත්ම විශ්වාසය හීන වීමයි. ඔයාට ඔයාගේ ගමන යන්න ඕනෑ නම්, ඔයා අධෛර්යවත් කරන අයගෙන් ඔයා වහාම අයින් වෙන්න ඕනෑ. ඔයාව ධෛර්යවත් කරන, ඔයාට ශක්තියක් වන, ඔයා තුළ ආත්ම විශ්වාසය ඇති කරන අය විතරක් ඇසුරු කරන්න ඕනෑ.

ඉතින්, ඔයා ඔයා කෙරෙහි ආත්ම විශ්වාසයකින් යුක්තව කටයුතු කරනවා නම්, ඔයාට ඔයාගේ අරමුණුවලට ඉතා ඉක්මනින් හා පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්.

 

සුබෝධිකා අබේසිංහ
කැලණිය විශ්වවිද්‍යාලය.
Leave A Reply

Your email address will not be published.

nineteen + 10 =