සහල් කන්ටේනර් 500ක් අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 1,500ක් වරායේ හිරවෙලා !

11

ආනයනය කළ සහල් කන්ටේනර් 500ක් වරායේ සිර වී ඇති බව ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කරන්නේ, ඉන්දියාවෙන් ආනයනය කළ පොන්නි සම්බා, නාඩු සහ කැකුළු සහල් එම කන්ටේනර්වල අඩංගු බවයි. එසේ සිර වී ඇති කන්ටේනර්වල අඩංගු සහල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 10,000ක් බව ද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 1,500ක් පමණ ද වරායේ සිර වී තිබේ. මේ වන විට කන්ටේනර් කිහිපයක් පමණක් නිදහස් කර ඇති බව නිහාල් සෙනෙවිරත්න ප්‍රකාශ කර සිටී. පසුගිය 29දා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරිකයන් හමු වූ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, අදාළ කන්ටේනර් නිදහස් කර ගැනීමට කඩිනමින් ඩොලර් නිදහස් කරන බවයි. එහෙත්, මෙතෙක් එය සිදුව නැති බව අදාළ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

Previous article‘ප්‍රේමානිශංස’ ආනිශංසය විඳගත හැකි පරම්පරාවක් තනමු !
Next articleලංකාවට සම්බාධක දාන්න’ – කාබනික අපද්‍රව්‍ය ගෙනා සමාගම චීන රජයෙන් ඉල්ලයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here