“පශ්චාත් නූතන සිනමාව ” කෘතිය ජනවාරි 21 ජනගත වෙයි

ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ , සිනමා ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘතිය යටතේ නිර්දේශ වූ , කැලනිය විශ්ව විද්‍යලයේ කතිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි විසින් රචිත “පශ්චාත් නූතන සිනමාව ” කෘතිය, ලාංකේය කතානාද සිනමාවට වසර 75 ක් සපිරෙන 2022.01.21 දින ජනගත වීමට නියමිතය.

සිනමාව නූතනවාදී ව්‍යාපෘතියේ ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් ලෙස ආරම්භ වී , මේවන විට අන් සියලු කලා මාධ්‍යයන්ටත් වඩා සෞන්දර්යවේදී හා දාර්ශනික සංකල්ප ඔස්සේ බහුමානීය විශ්ලේෂණකට ලක්ව ඇත. එහි තිඹිරිගෙය බටහිර ලෝකය ලෙස සැලකුවත් වර්තමානය වන විට සමස්ත ලෝකයේ විවිධ භූගෝලීය කලාපයන් පුරා සීඝ්‍රයෙන් පැතිරගොස් ඇත.
එහිදී සිනමාව සාම්ප්‍රදායික හා නූතනවාදි සෞන්දර්ය සංකල්ප හඹාගොස් ගැඹුරු සමාජ , සංස්කෘතික ,දේශපාලනික හා දාර්ශනික එළඹුම් ඔස්සේ විවරණය වී ඇත. වත්මනේ පශ්චාත්නූතනවාදි දෘෂ්ටියෙන් සිනමාව කියවීම ශාස්ත්‍රීය ලෝකයෙහි පුළුල් සාකච්ඡාවකට බඳුන් වී ඇත.

Leave A Reply

Your email address will not be published.

three × 4 =