“ජනපතිතුමාගේ එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවෙලා, අගමැති තීන්දුවක් ගත්තානම් වහාම අත්හරින්න ඕනෙ “

ජනපති වටා ඉන්න අය නිසා රට ගෙනියන්න බැරි බවත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී මුරුත්තෙට්ටුවේ හිමි වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයාට රට හැදීම පිළිබඳ නිසි දැක්මක් ඇතත් ඔහු වටා සිටින ඇතැම් පිරිස් ඊට බාධා පමුණුවන බවත් ඉන් එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවී ඇති බවයි.

“අගමැතිතුමා ධුරයෙන් ඉවත්වීමට සූදානම් වනවාය කියන කතා බොරු එතුමා යනවා නම් අපිට කියලා යන්නේ. අගමැතිතුමා එලවන්න ඔනෙවෙනා කරන කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ. නැත්තෙ නෑ අද රටේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ජනපති වටා ඉන්න පිරිස නිසා රට ගෙනියන්න බැහැ. එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවෙලා. අයියා මල්ලී එකතුවෙලා ඩොලර් පස්සෙ නොයා.., ඉන්න අය හුවමාරු කළොත් රට කරන්න පුලුවන්”.

“දැන් බලන්න පොහොර ගැන කේවට්ටයෙක් උපදෙස් දුන්නා. අන්තිමට ජනතාවට රට එපාවුණා. ගෑස් පිළිබඳත් එහෙම වුණා. වෙන්න යන දේ වළක්වාගන්න නම් මහින්ද මහත්තයා ගිහින් හරියන්නේ නැහැ. මහින්ද මහත්තයා මේකේ ඉන්න ඕනේ. එතුමා තීන්දුවක් ගත්තානම් වහාම අත්හරින්න. ජනපතිතුමනි කේවට්ටයින් ඉවත්කරන්න. ශෝධනයක් කළොත් ඉලක්කයට යන්න පුළුවන්. මෙවැනි රටට අපහසු අවස්තාවක විවේක ගන්න පිටරටම යන්න ඕනේ නැහැනේ. බලයට පත්කරපු ජනතාව හාමතේ තියලා හෝටල්වලට ගියපු එක ගැන ජනතාව තීන්දු කරයි.”

Leave A Reply

Your email address will not be published.

twenty − 10 =