“අපි ජීවිතේ දිය කරලා හදපු මේක දාලා අපි කොහේ යන්නද?”

අපි දේශපාලන විවේචන කලත් ආණ්ඩුවෙන් පිටවී යෑමට කිසිම අදහසක් නැතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ඊයේ කොළඹදී මාධ්‍ය වලට අදහස් දක්වමින් වාසුදේව ඇමතිවරයා මේ අදහස් පළකළේය.

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද මහින්ද සුළඟ නුගේගොඩින් අවුලවා ගත් දින සිට පැමිණි ගමනක අවසාන ප්‍රතිඵලය ලෙස මෙම ආණ්ඩුව ඇරඹුණා. ජනාධිපතිවරයා සමග ඉදිරියට ගමන් කිරීම අපේ එකම බලාපොරොත්තුව ”

“හැබැයි අපි දකිනකොට අපේ රටේ අනාගතයට මහා හානිදායක බලපෑමක් ඇතිකරන කරුණක් අපි ඒක මතුකරගන්නවා. සාමූහික වගකීම කියල එකක් තියෙනවා කැබිනට් එකේ ඉන්නකොට. මොනවා හරි තීරණයක් ගත්තොත් ඒකට තමන් එකඟ වුනත් නැතත් අපි කවුරුත් ඒකෙන් බැඳී තියෙනවා. ඒක එංගලන්තයේ ප්‍රතිපත්තියක්.”

“මේ ආණ්ඩුවෙන් පිටවෙලා යනවද කියලා අහන හැම අවස්ථාවකම අපි කියන්නේ අපි හැදූ ආණ්ඩුවෙන් අපි මොකට ද පිටවෙන්නේ කියලා. අපි ජීවිතේ දිය කරලා මේක දාලා අපි කොහේ යන්නද.?”

නමුත් රටට අහිතකර දෙයක් සිදු වන්නේ නම් එය මතුකර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.

3 × 3 =