අතේ සල්ලිවලින්, ජෙට් එකකින්, රාජපක්ෂවරු තිරුපති යාම

96

අතේ සල්ලිවලින්, ජෙට් එකකින්, රාජපක්ෂවරු තිරුපති යාම පිළිබඳව මුහුනුපොතෙහි දුටු අදහස් දැක්වීම් කිහිපයක් පහත පළවේ.
රාජපක්ෂවරු තිරුපති යාම සිංහලයාගේ ආගමික සම්ප්‍රදායට අනුකූලය!!!
මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ සාමාජිකයින් රැසක් ආන්ද්‍ර ප්‍රදේශ් හී තිරුපති කෝවිලට යාම පිළිබද නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය ලේකම් රොහාන් වැලිවිට පවසන්නේ රාජපක්ෂ මහතා හා පවුලේ සාමාජිකයින් සිය පුද්ගලික වියදමින් ආගමික වතාවත් ඉටුකිරීම සදහා එහි ගිය බවයි.
මෙය ලංකාවේ බස්නාහිර, දකුණු හා මධ්‍යම පලාත්වල, එසේත් නැත්නම් තෙත් කලාපය නමින් හදුන්වන ප්‍රදේශයේ ජනයාගේ 13වන ශතවර්ෂයෙන් පසු දක්නට ලැබුනු ආගමික චර්යාව සමග හොදින් ගැලපේ. ඒ අනුව පොදු ජනයාගේ ආගමිකත්වය පදනම් වී තිබුනේ බොහෝ දුරට වර්තමානයේ “හින්දු“ යන වැරදි වචනයෙන් හැදින්වෙන ආගමික අංගවලිනි.
19වන ශතවර්ශයේ දී බටහිර හා ක්‍රිස්තියානි බලපෑම නිසා ඇති වූ ඊනියා බෞද්ධ ප්‍රබෝධය නිසා මේ ආගමික ජීවිතය විකෘති විය. ගණනාථ ඔබේසේකර ප්‍රොතෙස්තන්ත බුද්ධාගම යන පදය භාවිත කරන්නේ මේ විකෘතියටයි. නලින් ද සිල්වා වැනි සිංහල ජනයාගේ සම්ප්‍රදාය පිළිබද මෙළෝ ජංජාලයක් නොදන්නා බටහිර අනුකාරක උගතුන් සිංහල-බෞද්ධ සම්ප්‍රදාය ලෙසින් උත්කර්ෂයට නංවන්නේ මේ 19වන ශතවර්ෂයේ ඇති වූ මේ විකෘතියයි. කෙසේ වෙතත් පොදු ජනයා මේ විකෘතියට හසු නොවී තමන්ට සම්ප්‍රදායිකව උරුම වූ ආගමික චර්යාවන්හී දිගටම නියැලිනි. රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ චර්යාව මුළුමනින්ම ඒ සම්ප්‍රදායට අනුකූල වේ.
– නිර්මාල් දේවසිරි
මහින්ද මහත්තයා ස්ව උත්සාහයෙන් දියුණුවෙලා ජෙට් එකක් ගත්තා
මම නම් ඕවාට බනින්නේ නෑ ජෙට් එකක් තියෙන ධනවත් පවුලක් රට පාලනය කරනවා කියලා සතුටු වෙනවා. අනෙක 1994 මැදමුලනේ වත්ත පහළ ළිඳෙන් වතුර ඇඳලා නාපු මහින්ද මහත්තයා ස්ව උත්සාහයෙන් දියුණුවෙලා ජෙට් එකක් ගත්තා කියමු කාටද ආඩම්බර. අපි හැවෝම ආඩම්බර වෙන්න ඕනී විතරක් නෙවෙයි එතුමාගෙන් ඉගන ගන්න ඕනෑ. ඔය ධන චින්තකයෝ මහින්ද මහත්තයා ගැන පොත් ලියලා බෙදන්න ඕනෑ. අන්නෙමයි ජාතියටම ඔය හැකියාව බෝ කරන්නේ..
– කේ. සංජීව
එහෙම කලාම තියෙන අවුල මොකක්ද?
ඇත්තටම මේ අයට බැරිද, මිනිස්සුන්ට මේවා පෙන්වන්නේ නැතුව හැරී පොටගේ පේන්නේ නැති ක්ලෝක් එක දාගෙනවත් යන මගුලක යන්න. දැඩි ආර්ථික අර්බුදය නිසා අතේ තියෙන සත පහටත් කෙළවෙලා ඉන්නකොට, ගෑස් ගන්න පෝළිමේ ඉන්නකොට, දරැවාට කිරිගන්න පෝළිමේ ඉන්නකොට නිකමට ෆෝන් එකෙන් මේ වගේ දෙයක් දැක්කාම ඒ මිනිස්සු මේවා බලලා හූල්ලනවා. මෙයාගේ අතින් සල්ලි දීලා ගියා හෝ නැතා, මිනිස්සු මේවා බලලා තවත් දුක්වෙනවා. ලංකාවෙන් ඉන්දියාවට ප්ලේන් කීයක් යනවාද? රට වැටෙන්න නෙමෙයි දෙකට කඩාගෙන ගියත් මේ මිනිස්සුන්ට තමන් ජීවත් වෙන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න බැරි මොකද? එහෙම කලාම තියෙන අවුල මොකක්ද?
– සමිල මුතුමිණි
එක ගලින් කුරුල්ලෝ දෙන්නයි. වෙන්න බැරිද?
උගන්ඩාවේ පුද්ගලික ජෙට් එකේ තිරුපති වඳින්න ගියා කියලා කවුරු හරි හිතනවානම් ඔයාලා පව්. එක ගලින් කුරුල්ලෝ දෙන්නයි. වෙන්න බැරිද?හොරාකාපු මහජන ධනය රටෙන් පිට කරන ගමන්ම තිරුපතිත් වැඳගෙන එනවා වෙන්න බැරිද? මොකද පහු ගිය කල්කිරියාවන් දිහා බලපුවම එහෙම නොවෙන්න බැරි නෑ. එයාල දන්නවා මේ එයාලගේ අවසානේ කියලා. ආයේ එයාලගේ පරම්පරාවේ කිසිම එකෙකුට බලයට එන්න කියලා හිතන්නවත් බැ කියලා. ප්‍රශ්නය තියෙන්නේ ඇයි ලංකාවේ ගුවන් යානයකින් යන්නේ නැතිව උගන්ඩාවේ පුද්ගලික ජෙට් එකක් හයර් කලේ කියලා මම අහල තියනවා. ගොඩක් දුෂිත දේශපාලකයෝ දැන් සල්ලි හංගන්නේ අප්‍රිකානු රටවල කියලා මුලින්ම
– ස්වර්ණමාලි විජේසිරිවර්ධන
මේ තමයි හැමෝම හොයන (තිරුපති ) ජෙට් යානය…..
Embraer legacy 600 වර්ගයට අයත් මෙම ජෙට් යානය බ්‍රසීලයේ නිෂ්පාදනය කර ඇත. එන්ජින් දෙකක් ඇති මෙහි එන්ජිම රෝල්ස් රෝයි සමාගමේ නිෂ්පාදනයකි.13 දෙනෙකුට ගමන් කළ හැක.ව්‍යාපාරික පංතියට අයත් වේ.වටිනාකම ලංකාවේ මුදලින් රු.කෝටි 480 ක් පමණ වේ.

  • නමක් සොයාගත නොහැකි විය

පොසිටිවු තින්කින් මිනිස්සු
එයාලට ආවෙත් ඔයාලට ආපු සුනාමියම තමා,
එයාලට තිබුණෙත් ඔයාලට තිබුණ පැය 24 ම තමා.
එයාල හිටියෙත් ඔයාල හිටපු රටේම තමා.
මිනිස්සු නෑ, බෑ කිය කියා හිටියේ නෑ. දියුණු වෙන්න මොනවහරි කලා. දැන් ජීවිතේ විඳිනවා.
මේවට නෙගිටිවු තින්කින් කුහකයෝ ඊරිසියා කරනවා.
– රත්නායක මුදියන්සේලාගේ

ගුවන්තොට චීනයට සින්නවීම, උගන්ඩාවේ සිට ජෙට් එක පැමිණීම, පසුගියදා නාමල් හදිසියේ උගන්ඩාවේ යාම
උගන්ඩාවට අයත් එකම ජාත්‍යන්තර ගුවන්තොටුපල වන එන්ටර්බේ ජාත්‍යන්තර ගුවන් තොටුපල පසු ගිය දිනයක චීනයට සින්න වුනා…
ඒ ගුවන්තොටුපල සංවර්ධනය සඳහා චීනයෙන් ලබාගත් ණය මුදලක් නියමිත කාලයට පියවීමට උගන්ඩාව අපොහොසත් වීම නිසා…
ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන ආකාරයට උගන්ඩාවත්, ලංකාවත් මේ වන විට චීන ණය උගුලේ දැඩිව සිරවී ඇත්තේ මේ දෙරටේම දූෂිත පාලකයන් ජනතාව බිල්ලට දී අධිකව ණය ලබාගෙන ඒවා සූක්ෂමව සොරා කා ඇති නිසාය…
( ඉහත පෝස්ටුවත්, මෙම සු⁣ඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය උගන්ඩාවේ සිට රත්මලාන ගුවන්තොටුපලට පැමිණීමත්, ඊට දින කිහිපයකට පෙර නාමල් රාජපක්ෂ හදිසියේ උගන්ඩාවේ පෟද්ගලික සංචාරයක යෙදීමත්, අහඹු සිදුවීම් බව කරුණාවෙන් සලකන්න.. )
– අමල් ප්‍රසාද් සමරවීර
උන්ට නින්දෙදි යන අධෝ වාතයක් තරම් වත් උඹල අපිව උන් මායිම් කරන්නෙ නැහැ.
රජ පවුල තිරුපති වන්දනාවෙ ගිහින් තියෙන්නෙ ලක්ෂරි විදියට ප්‍රයිවට් ප්ලේන් එකක කියල දැනගත්තෙ දැන්.
තමන් පාලනය කරන, තමන් වගකිව යුතු රට මේ වගේ අර්බුදයකට මුහුණ දීලා ප්‍රපාතයකට කඩන් වැටීමේ අගටම පැමිණිලා තියෙන තත්වයකදි දශක ගාණක් නොයෙක් ආකාර වලින් මේ රට ගැන තීන්දු තීරණ ගැනීමේ බලය දරපු මිනිස්සු හැසිරෙන විදිය තේරුම් ගන්නෙ කොහොමද?
මුළු රටකට පු**-&ක පෙන්නනවා කියන්නේ මේක නෙමෙයිද?
“මම උඹලට අරි– තමයි. ඒකත් හොරෙන් නෙමෙයි එළිපිටම. මට ඕන දේවල් මට ඕන විදියට කරන්න උඹලගෙන් හැංගෙන්න තරම් වත් මට උඹලව වැදගත් නැහැ”
ඒක නෙමේද බලය ඇත්තෝ (උන්) බලය නැත්තන්ට (අපිට) දෙන පණිවිඩය?
නිකමට හිතන්න. ලංකාවේ බලධූරාවලියේ ඉහළම ඉන්න රජ පවුලෙ සාමාජිකයන්ටත් උන්ගේ නිළමේවරුන්ටත් (ඒගොල්ලොත් මේ දවස් වල රට සවාරිනෙ) මේ රටේ ‘සාමාන්‍යය මිනිසා’ වන ඔබව, මාව කොයි විදියට පේනව ඇත්ද?
ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ අතිශය ප්‍රබල චරිතයක් වන ටයිවින් ලැනිස්ටර් (ඔහුත් හැම වෙලාවකම සියලු දේට කලින් තමන්ගේ පවුල ඉදිරියෙන් තියන පුද්ගලයෙක්) හැමවෙලේම කියන කතාවක් තියෙනව.
“බැටළුවො තමන් ගැන මොන විදියට හිතනව ඇද්ද කියල හිතන්න සිංහයෙක් වද වෙවී කාලය වැය කරන්නෙ නැහැ!”
රටක් විදියට අපි රජවරුන්වනෙ ඉල්ල ඉල්ල හිටියෙ. අපේ ඒ ෆැන්ටසියයි මේ ඇත්ත වෙලා තියෙන්නෙ. රජවරු මෙහෙම තමයි. උන්ට නින්දෙදි යන අධෝ වාතයක් තරම් වත් උඹල අපිව උන් මායිම් කරන්නෙ නැහැ.
මේ වගේ සිදුවීම් වල තියෙන ඛේදනජකම කරුණ මොකක්ද දන්නවද?
රජාණ්ඩු ක්‍රමයක් පවතින යථාර්තයක ජීවත් වෙන ටයිවින් ලැනිස්ටර්ලා බලය ලබා ගන්නේ කඩුව හරහා හිංසාව පාවිච්චි කරමින් වෙද්දි;
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පවතින යථාර්තයක ජීවත් වෙන අප්පච්චි ඇතුළු සහෝදර සමාගම බලය ලබා ගන්නේ පුරවැසියො වෙන අපි අපේ අත්වලින් ගහන කතිර හරහා අපේම කැමැත්ත පාවිච්චි කරමින් වීමයි.
– ජේමිස් බණ්ඩා
නිරුත්තර වැසියනට – යන්න වෙන නඟරයක් තියනවද
මිතුර
නුඹේ නඟරය
තවම සන්සුන් ද
පිටව යන දොරටුවල
තවම දිගු පෝලිම්ද
හිස් අතින්
හිස් හිසින් බරව ගිය
දුඹුරු පැහැ ඇස් වලින්
හිස්ව ගිය බෑග් මළු පතුලු වෙත
ගිනි උණ්ඩ පිටවේද
නඟර මැද තැනින් තැන
රැකවලුන් මැද රැකෙන
දූෂිතම හොර වළල්ලක පැයක
සැප පහසුකම ඩොලර් කීයක් ද
දිවි බරින් පීඩිතව
නඟරයෙන් පලායන
නිරුත්තර වැසියනට
යන්න වෙන නඟරයක් තියනවද
රෝසමල් අතුල දිගු යහන්වල
ඇමැත්තෝ පෝලිමේ කම්සැපව
මොණර කොළ මේසවල අතුරලා
ඉජු ඉජූ කියා ඔජ වඩනවද
මිතුර
නුඹේ නඟරය සන්සුන් ය
මා නඟරයද සන්සුන් ය
සුනාමියකට පෙරව
නිදන මහ සයුරක්ව
– ප්‍රේමරත්න තෙන්නකෝන්

Previous articleඅශෝක හඳගම ගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ ටිකට්පත සමඟ නාට්‍ය පිටපත නොමිලේ…
Next articleසුජිත්, හැඩතල මෙන්ම සිය රේඛාව ඔස්සේ මනුෂ්‍යාගේ අධ්‍යාත්මය ගවේෂණය කිරීමට උත්සාහයක් දරනව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here