අශෝක හඳගම ගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ ටිකට්පත සමඟ නාට්‍ය පිටපත නොමිලේ…

ජනවාරි අගදී, කොෆි ටේබල් බුක් ආකෘතියෙන් හා සාමාන්‍ය කවර මුද්‍රණයක් ලෙසද, විදර්ශන ප්‍රකාශනයන් ලෙස නිකුත්වන අශෝක හඳගම ගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ නාට්‍ය පිටපත, එහි පෙළ හා එම නාට්‍යය ගැන සමන් වික්‍රමාරච්චි, චින්තන ධර්මදාස, විදර්ශන කන්නංගර, ලියනගේ අමරකීර්ති, එරික් ඉලයප්ආරච්චි, සුනිල් විජේසිරිවර්ධන හා මහේෂ් හපුගොඩ ලියූ විචාර වලින්ද සමන්විතය.

2022 ජනවාරි 8 වන දින ප.ව. 3. 30 ට හා රාත්‍රී 7 ට, කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රඟ දැක්වෙන ‘ඇන්ටික් කඩයක මරණයක්’ නාට්‍යයේ රු. 3000/- ටිකට් මිලදී ගන්නා අයට කොෆි ටේබල් බුක් ආකෘතියේ ඝන කවර පිටපතක්ද, රු. 2000/- ටිකට් මිලදී ගන්නා අයට සාමාන්‍ය කවර මුද්‍රණයක්ද නොමිලේ ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත.

ටිකට්පත් දැන් කළුබෝවිල, පන්සල පාරේ, අංක 33 හී ‘විදර්ශන පොත් හල’ ට පැමිණ හෝ කාර්‍යාල වේලාවේදී 0112765020 අංකයට දුරකථන ඇමතුමක් ලබාදී හෝ 070 100 4283 අංකයට වට්සැප් පණිවුඩයක් එවීමෙන් හෝ ලබාගත හැක.
ජනවාරි 3 වැනිදා සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන්ද ටිකට්පත් ලබාගත හැක.
රු. 3000/- හා රු. 2000/- ටිකට්පත් මිලදී ගන්නා අයට නොමිලේ හිමිවන ‘ඇන්ටික් කඩයක මරණයක්’ කෘතියේ පිටපත් ජනවාරි මස අගදී කුරියර් මඟින් ලැබීමට සලස්වනු ඇත.

Leave A Reply

Your email address will not be published.

9 + 7 =