වාසු, විමල්, ගම්මන්පිලට ඇමතිකම් වලින් අස්වෙනවා හොද යැයි ජනපති කියල

58

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පුවත්පත් ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී පවසා ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සාමූහික වගකීම කඩ කර ඇති බැවින් ඒ හේතුවෙන් ඔවුන් අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස්වවන්නේ නම් හොඳ බව පවසා ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබේ.
යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇති බවද පැවසේ.
ජනාධිපතිවරයා පුවත්පත් ආයතන ප්‍රධානීන් අද දහවල් හමුවී තිබිණි.
ඉකුත් ප්‍රේමදාස ආණ්ඩු සමයේ සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් ලලිත් ඇතුළත්මුදලි සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර යන අමාත්‍යවරුන්ට එරෙහිව මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා විසින් නඩු තීන්දුවක්ද ලබා දී ඇති බව ද මෙහෙදී ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇතැයි වාර්තා වේ.
මුලාශ්‍ර – මව්රට

Previous articleපී. බී. ඉල්ලා අස් (කරයි)වෙයි ගාමිණී සෙනරත් එයි
Next article“තමාගේ හරිත කෘෂිකර්මාන්තයක් වැඩපිළිවෙළට නිලධාරීන්ගෙන් සහය ලැබුනේ නෑ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here