රස වූ බත වස විය

ශ්‍රී ලංකාවාසී අපගේ ආඩම්බරකාර වැකියක් ඇත. එනම් ‘ඉවතලන දණ්ඩක් වුව ද, යළි දලු ලා වැඩෙන පොළොවක් අපට හිමියි’ යන්නයි. නමුත්, අතීතකාමයක රමණයේ යෙදෙන්නා වූ ලාංකිකයෝ වත්මනෙහි ශ්‍රී ලංකා පොළොවට දී ඇත්තේ, නිගරුවක් පමණක් යැයි මොහොතක් සිතාබැලීමෙන් අපට අවබෝධ වෙයි.

නමුත්, පෙර වතාවල දී මෙන් පාලකයාට මෙවර මහ පොළොව පාළු වී යාමට මහජනතාවට ඇඟිලි දිගු කළ නොහැකි ය. මන්ද යත්, අනාගතවාදී සැලැසුම්කරණයකින් තොරව ගොවි ජනතාව අසරණ කරන්නන් වෙන කවරකු හෝ නොව ධනවාදී පාලක පැලැන්තිය වන බැවිනි.

දැන් දැන් පාලන තන්ත්‍රය තම නොහැකියාව සඟවන්නට ගොවි ජනතාව දිගින්දිගටම අපහරණයට ලක් කරමින් සිටී. මේ ගමන සුබදායක නොවන බැව් ජනතාව අවබෝධ කර ගත්තේ වුව ද, බලා සිටීම හැර මේ මොහොතේ කළ යුතු දෙයක් නැතැයි මහජනයාගේ අවබෝධයයි.

ගොවිකමට ස්වභාවධර්මවාදී අගයන් සම්ප්‍රේෂණය කර තිබූ ගොවියා ඉන් මුදා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමඟ රසායනික පොහොර මත තැබුවේ ද ධනවාදයයි. එකී ධනවාදයේ කල්ලිවාදී වත්මන් පරපුරම නිසි සැලැසුමකින් තොරව ගොවියා කාබනික පොහොර මත යැපීමට යොමු කරනුයේ, ගසෙන් ගෙඩි එන්නා සේ ය. නමුත්, පරම්පරා ගණනාවක්ම රසායනික පොහොර මත යැපුණු රෝගී පොළොවක් එක්වරම කාබනික පොහොරවලට හුරු කරවීම ඉතා අපහසු බැව් සියලු දෙනාම දන්නා කරුණක් වුව ද, එය, පෙර දී ගොවිතැන තම ජීවනෝපාය කර ගත්, දැන් රට ද කරවන දකුණේ පවුල්වාදී ගොවි පුතුන්ට නොතේරීම හාස්‍යයට කරුණක් නොවන්නේ ද?

දැන් දැන් පාලන තන්ත්‍රය තම නොහැකියාව සඟවන්නට ගොවි ජනතාව දිගින්දිගටම අපහරණයට ලක් කරමින් සිටී. මේ ගමන සුබදායක නොවන බැව් ජනතාව අවබෝධ කර ගත්තේ වුව ද, බලා සිටීම හැර මේ මොහොතේ කළ යුතු දෙයක් නැතැයි මහජනයාගේ අවබෝධයයි.

නමුත්, වඩාත් සුබදායී හෙටක් වෙනුවෙන් නැඟීසිටිය යුතු සුදුසුම මොහොත මෙය යැයි මම තරයේ විශ්වාස කරමි. සකල ගම්වාසී මහජනතාවට ද එකී අවබෝධය පහළ වේවා.

තත්සරණී හඳපාන්ගොඩ.
Leave A Reply

Your email address will not be published.

7 + twelve =