ප්‍රාදේශීය පුවත් ගලේවෙල සභාපති වැවක් වනසයි ! December 27, 2021 23 ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ මුවාවෙන් රජයේ මුදල් වියදම් කරමින් ගලේවෙල, දේවහුව, මකුළුගස්වැව වැව් රක්ෂිතය ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අනුදැනුම මත විනාශ කරමින් සිටින බව ගොවි සංවිධාන චෝදනා කරයි. ගලේවෙල, මකුළුගස්වැව උප නගර මධ්‍යයේ පිහිටා ඇති මකුළුගස්වැව වැව් බැම්ම ආසන්නයේ කඩ කාමර හතරක් සහ දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා මේ වන විටත් ඉදි කිරීම් ආරම්භ කොට වැව් රක්ෂිතය අත්පත් කරගෙන ඇතැයි මකුළුගස්වැව ගොවි සංවිධානය පෙන්වා දෙයි. රජයේ මුදල් වියදම් කරමින්, නිවාඩු දිනවල සහ රාත්‍රී කාලයේ මෙම ගොඩනැඟිලි ඉදි කිරීම් සිදු කරන බව හෙළිව තිබේ. කෙසේ වෙතත්, ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. පී. ආර්. ජයතිලක පවසන්නේ, වෙළෙඳ සල් හතරක් මෙහි ඉදි කිරීම සඳහා රජයේ මුදල් ප්‍රතිපාදන වෙන් කොට තිබෙන බව ය● වසන්ත මොහොට්ටාල – ගලේවෙල.