OPPO INNO Day හි දී MariSilicon X තාක්ෂණය එළිදක්වයි

 OPPO විසින් නිර්මාණය කරන ලද අතිනවීන Imaging NPU – MariSilicon X තාක්ෂණය 2021 දෙසැම්බර් 14 සහ 15 යන දෙදින තුළ පැවති OPPO INNO Day හි දී නිල වශයෙන් නිවේදනය කරන ලදී.

6nm ක්‍රියාවලි තාක්ෂණය මත ගොඩනඟා ඇති MariSilicon X advanced NPU, ISP සහ multi-tier memory architecture හි සුසංයෝගයෙන් විස්මිත සුපිරි ක්‍රියාකාරිත්වයක් සහ ශක්ති කාර්යක්ෂමතාවයක් ලබා දී real-time RAW processing හරහා විස්මිත 4K AI Night Video, live preview සමඟින් ලබා දෙයි. MariSilicon X 2022 පළමු කාර්තුවේ දී  Find X කාණ්ඩය සමඟින් පාරිභෝගිකයන්ට භාවිත කළ හැකියි.
ඡායාරූප ලබා ගැනීමේ තාක්ෂණයේ නිම්වළලු පුළුල් කිරීමට දශකයකට වැඩි කාලයක් පළපුරුද්ද  සමඟ කැමරා මාදිලි, කාච සහ algorithm සම්බන්ධ මෙම ක්ෂේත්‍රයේ දැවැන්තම සහ සුවිශේෂීම නව නිර්මාණ රැසක් පිටුපස OPPO සිටින බව OPPO හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ Jiang Bo මහතා මෙම උත්සවයේ දී ප්‍රකාශ කළේ ය. “අපගේ අතිනවීනතම Imaging NPU යනු අප මෙතෙක් ගෙන ඇති විශාලතම නවෝත්පාදනය වන අතර එය ජංගම දුරකථන ඡායාරූප පද්ධති සඳහා වැඩි බලයක් ගෙන එන අතර, අපගේ පාරිභෝගිකයන්ට අසාමාන්‍ය අත්දැකීමක් නිර්මාණය කරනු ඇත” යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය●
Leave A Reply

Your email address will not be published.

twelve − 2 =