වල්සපුගල ගොවීහු යළි සටනට

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධ ගැටලු‍වට රජය ලබා දී ඇති විසඳුම ගැන සෑහීමට පත් විය නොහැකි නිසා තමන් නවතා දැමු උපවාසය නැවත ආරම්භ කළ බව වල්සපුගල ගොවීහු පවසති.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි, ඉල්ලමින්, පසුගිය ජනවාරි 18 වැනිදා වල්සපුගල දී ඇරැඹූ දින 105ක සත්‍යග්‍රහය අවසන් කෙරුණේ ඊට විසඳුම් දෙන බවට බලධාරීන් පොරොන්දු වීම හේතුවෙනි.
එහෙත්, පොරොන්දු වූ විසඳුම නිසි ලෙස ආණ්ඩුව ක්‍රියාත්මක නොකිරීම නිසා මේ වන විටත් තමන් වන අලින්ගෙන් සිදු වන ජීවිත තර්ජනවලට හා වගා හානි වීම්වලට මුහුණ දෙමින් සිටින බව උපවාසයේ නිරතව සිටින ගොවීහු පවසති. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් ආණ්ඩුවට හිතවත් පිරිස් අත්පත් කර ගැනීම නිසා වන අලි ගම්වැදීම උග්‍ර තත්ත්වයකට පත්ව ඇති බවයි●

 

නුවන් රත්නායක –  සූරියවැව.

 

Leave A Reply

Your email address will not be published.

four + 1 =