මං ජවිපෙට පක්ෂ කෙනෙක් නෙමෙයි – ජවිපෙ මේ ආරම්භය සාධනීයයි

111

ජවිපෙ තමන්ගේ මොනාර්ක් සමුළුවට දඹර අමිල, රුවන් ෆර්ඩිනැන්ඩස් ආදීන්ට එන්න කියපු එක ගැනත්, කන්නා බීර බෝතල් හැටක් බීපු එක ගැනත් එක එක විවේචන බුකියෙ දැක්කා. ඒකෙන් ඇත්තටම පේන්නෙ ජවිපෙ යම් සාර්ථකත්වයක් අත්පත් කරගෙන තියෙනවා කියන එකයි. ඔය කන්‍යාසිවිවාදීන් පරල වෙනවා කියන්නෙම වැඩේ ගොඩ. ජවිපෙ පරිස්සම් වියයුතු වැදගත්ම කාරණය ඔය පිවිතුරු කතිකාවෙන් බැහැර වෙන එකයි. පිවිතුරුවාදීන් කියන්නෙ පුංචි කල්ට් විතරයි. මහා පක්ෂයක් කියන්නෙ මුහුදක්. මොන ගඟක් ගලාගෙන ආවත් මුහුදෙදි ලුනු රසයි.
ජවිපෙ මේ ආරම්භය සාධනීයයි. ඒත් ගැහැනු, වෙනත් ලිංගික අනන්‍යතා ඇති පිරිස් සහ සුළුජාතීන් නියෝජනය පැත්තෙන් ජවිපෙ තාමත් දුර්වල බව පේනවා. කාන්තා චරිත කියන්නෙ හරිනි වගේ ඇකඩමික් චරිත නෙමෙයි. මේ ඇකඩමියානු නැඹුරුව පක්ෂයක මළ ස්වභාවයක් ඇති කරන තත්ත්වයක්. ඇකඩමික් චරිතවලට දේශපාලනය බෑ. ඒකට ගැම්ම සහ ඇම්ම තියෙන පිරිස් ඕන වෙනවා.
මං ජවිපෙට පක්ෂ කෙනෙක් නෙමෙයි. ඒත් ජවිපෙ ඇත්තටම තමන්ගේ සීමාවන් පුළුල් කරගන්න උත්සාහයක් දරන බව නං ඇත්තක්. ඒකට චියර් එකක් නොදී ඉන්න තරං කුහක වෙන්න නරකයි.
– චින්තන ධර්මදාස (fb)

Previous articleජාතික ජනබලවේගයේ පෙරහැර!!!
Next article“ගෑස් සංයුතිය වෙනස් කිරීම සාපරාධී නොසැලකිල්ල හෝ වගකීම් රහිත ක්‍රියාවක්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here