ජාතික ජනබලවේගයේ පෙරහැර!!!

ජවිපෙ හා ජාතික ජනබලවේගය ගැන වූ විවේචන තීව්ර වී ඇත. ජාතිකවාදීන්, ලිබරල්වාදීන්, මාක්ස්වාදීන්, මෙකී නොකී බොහෝ වර්ගයේ දේශපාලන ජීවීන් මේ විවේචන පෙරහැරේ නටමින් ගී ගයමින් ගමන් කර සිටී. විදර්ශන කන්නංගරගේ බියර් පාටිය, දඹර අමිල හා රුවන් ෆර්ඩිනැන්ඩස් ජාජබගේ සමුළුවේ පෙනී සිටීම, සජබෙ වැඩ පිළිවෙළ තුළ ප්‍රශ්නවලට විසදුම් නොතිබීම, සජබෙ ප්‍රෙව්ශය නිසා නැවත රාජපක්ෂ ආණ්ඩුවක් පැමිණීමට ඇති “අනතුර“, ජාජබ හා ජවිපෙ නිසා තම විප්ලවවාදී, ස්පාර්ටක්ස්වාදී විමුක්ති කැරැල්ල පිළිබද සුභාරංචිය ජනයා අතරට ගෙන යාමට බාල්දි වැටී තිබීම ජාජබ විධායක කමිටුවද මොකක්ද එකේ නම් ලැයිස්තුවේ මහාචාර්යවරුන්ගේ නම් මුලින් තිබීම, ජවිපෙ සිය අතීත ක්‍රියා, විශේෂයෙන් මිනිස් ඝාතන, ගැන ස්ව්‍යං විවේචන කොට නොතිබීම යනාදී නොයෙක් නොයෙක් ආකාරයේ විවේචන මේ අතර වෙයි.

සාමාන්‍යෙයන් අපි කරන්නේ කිසියම් ස්ථාවරයක් ගෙන ඉන්පසු එය යුක්ති සහගත කිරීමට හේතු සෙවීමයි. විනිෂ්චයකාරවරු කරන්නේ මුළින් තීන්දුවට එළඹ පසුව එය යුක්තිසහගත කිරීමට සාක්ෂි සොයන එක බව මා අසා ඇති. අපි හැම කෙනෙකුගේම මල්ලේ නැති දෙයක් නැත. අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ අතදමා ගැනීමට පුළුවන. මේ කියා ඇති සියලුම විවේචන ඇති අයත් ජාජබ පෙරහැරේද යනු පෙනේ. මම ද එක් අයෙක්මි. මගේ යහපත් බව ගැන මට සැක ඇතත් යහපත් බව ගැන සැක නැති ඇතමුන් පවා මේ විවේචන ඇතිය ජාජබයේ පෙරහැරට එකතු වී තිබේ. ඒ නිසා මේවා තොරා ගැනීම්ය. අපිට එක්කෝ තියෙන පෙරහැරකට එකතු වී පෙරහැරේ යාමට පුළුවන, එසේත් නැත්නම් අපේම පෙරහැරක් පටන් ගැනීමට පුළුවන. නැත්නම් පැත්තකට වී පෙරහැර නැරඹීමට පුළුවන. නැත්නම් හැම පෙරහැරටම බැන බැන ගෙදරට ගොස් නිදා ගැනීමට පුළුවන. මේ හැම එකක්ම තෝරා ගැනීම් ය. පෙරහැරේ යාමට අවශ්‍ය නම් පෙරහැරකට එකතු විය යුතුමය. අපි එකතු වෙන්නේ අපි ආසා කරන පෙරහැරටයි.

– නිර්මාල් දේවසිරි (fb)

Leave A Reply

Your email address will not be published.

two + 8 =