කටානේ සභාපති එළවන්න චමල් කියයි

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ බලය හොබවන කටාන ප්‍රාෙද්ශීය සභාවේ සභාපති නන්ද විජේරත්න එම තණතුරෙන් ඉවත් කරන ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයා වෙත දැනුම් දී ඇත.

පසුගිය දෙසැ 15 දා කටාන ප්‍රෙද්ශීය සභාවේ 2022 සදහා අයවැය වැඩි චන්ද 8කින් පරාජය වීමත් සමග ඉහත දැනුම් දීම සිදුකර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරු හා මෙම සභාපති වරයා අතර පවතින දේශපාලන ගැටුම් හේතුවෙන් ප්‍රාෙද්ශීය සභාවේ සභාපති තනතුරින් ඉවත් කිරීමට අවස්ථා කීපයකදීම උත්සහ කර ඇතත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාගේ බලපෑම මත එම තත්වය වෙනස් වී ඇත.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම පවසන්නේ නන්ද විජයරත්නට එරෙහිව දූෂණ චෝදනා රැසක් පවතින බවයි.

කටාන ප්‍රාෙද්ශීය සභාවේ මන්ත්‍රී සංයුතිය අනුව ශ්‍රීලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී සභිකයන් 19ක්ද එක්සත් ජාතික පක්ෂයට 11ද, ශ්‍රීලංකා නිදහස් පක්ෂයට, සභිකයන් 7ක්ද, ජනතා විමුක්ති පෙරමුණට සභිකයන් 3ක්ද ස්වාදීන සභිකයන් 2ක්ද වශයෙන්ද සැකසී තිබේ.

Leave A Reply

Your email address will not be published.

8 − 3 =