කොරෝනා ආසාදනය වීමෙන් චන්දන ගුණවර්ධන මියයයි

ජීවිත සාර්ථකත්ව පුහුණු වැඩමුළු පවත්වමින් මනෝවිද්‍යා පුහුණු උපදේශකවරයකු ලෙස කටයතු කල චන්දන ගුණවර්ධන අද (22) දින මිය ගොස් තිබේ. කොරෝනා වෛරසය ශරීරගත වීම හේතුවෙන් දැනට මාසයක කාලයක් පුරා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි චන්දන ගුණවර්ධන මහතා පසුගිය දිනක කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලට මාරුකර යවා තිබියදී මෙලෙස මියගොස් තිබේ.

පහත පලවන්නේ චන්දන ගුණවර්ධනගේ අභාවය සැලවීමත් සමඟ කුමාරදාස ගිරිබාව තබන ලද ෆේස් බුක් සටහනකි.

හිමිදිරියේම සංවෙිගය ට පත්කරවන පුවතක්
චන්දන ගැන
චන්දන ගුණවර්ධන මට හමුවෙන්නෙ හුණුපිටිය හරස්පාරෙ පත්තර නිවහනේදි
ඔහු ඉරිදා ලංකාදීපයේ.මම දිනපතා එකේ.චන්දන සෝමලතා සුබසිංහගෙ දීප්තිමත් ශිෂ්‍යයෙක්
මම එතුමියගෙ දින කීපයක සිසුවෙක්
ලංකාදීපයෙන් ඔහු ඉවත්වෙන කාලේ අපි එතැන නෑ
චන්දන පසු කාලෙක මිනිස් මනසෙ අවපැහය පිරිපහදු කරන වැඩෙිට අත ගහනව.සෝමලතා සුබසිංහ නාට්‍ය පාසලෙන් ලබාගත් සතර අභිනය ගැන දැනුමත් එක්ක
චන්දනගෙ දෙසුමි වලට විශාල ප්‍රේක්ෂකාගාරය ක් හැදෙනව
චන්දනගෙ පොත් වලට වෙනම පාඨක ප්‍රජාවක්.
චන්දන ඒ සියල්ල තිබියදි්ත්
ගිහින්,
සුබගමන් චන්දන,

– කුමාරදාස ගිරිබාව

අවසන් කටයුතු අද එනම් 24 දින 4.30 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. අද උදේ 8.30 සිට සවස 4.00 දක්වා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත්කර තැබෙන බව වාර්තා වේ.

 

Leave A Reply

Your email address will not be published.

five × three =