ජනාධිපති කමිටුවට අනුව දේශබන්දු තෙන්නකෝන් ගෑස් සිලින්ඩර ගැන බොරු කියල

පසුගිය කාලය පුරා ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව ඊයේ (21) ප්‍රකාශ කළේය.

ගෑස් පද්ධතියට අදාල කිසිවක් නොවෙනස්ව පවතින තත්ත්වයකදී ගෑස් සිලින්ඩරය තුළ ඇති ගෑස් සංයුතිය පමණක් වෙනස්ව ඇති බව ජනාධිපති කමිටුව අනාවරණය කර තිබේ.

මෙම තත්වය මත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම් හා ගිනි ගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පොලිස්පතිවරයා පත්කළ නිලධාරියා වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසන්නේ ගෑස් සංයුතියේ වෙනසක් සිදුව ඇති බවට සිය විමර්ශනවලදී අනාවරණය නොවූබවයි.

දේශබන්දු තෙන්නකෝන් මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙම කාරණය සනාත කරන්නට දේශබන්දු තෙන්නකෝන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් පැවසුවේ, ගෑස් සිලින්ඩර ආශ්‍රිතව පිපිරීම් වාර්තා වූ පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් මාසයේ මේ දක්වා අදාලව ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර ලක්ෂ 28 කුත් ලාෆ්ස් සමාගම ගෑස් සිලින්ඩර දෙලක්ෂ අසූදහසක් ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් ඒ අනුව ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවීම් ලක්ෂ 28ක් වාර්තා විය යුතුව තිබුනද එම කාලයේ ලිට්‍රෝ සිලින්ඩර ආශ්‍රිතව වාර්තා වූයේ සිදුවීම් 796 ක් පමණක් බවයි.

එමෙන්ම ලාෆ්ස් ගෑස් සමාගම නිකුත් කල ගෑස් සිලින්ඩර දෙලක්ෂ අසූදහස අතරින් ගෑස් සිලින්ඩර 50 ක් ආශ්‍රිතව පමණක් සිදුවීම් වාර්තා වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 0.01% ක් ප්‍රමාණයක් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

එබැවින් සාපේක්ෂව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව පිපිරීමේ සිදුවීම් අවම වශයෙන් ලක්ෂ එකහමාරක් හෝ දෙකක් වාර්තා විය යුතු බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කළේය.

එබැවින් සමාගම් සාපරාධී අපරාධයක් සිදුකිරීමේ වුවමනාවෙන් හෝ අපරාධමය නොසලකා හැරීමක් ලෙස ගෑස් සිලින්ඩර සංයුතිය වෙනස් කර ඇති බවට කිසිදු කරුණක් අනාවරණය නොවූ බව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයන්ගෙන් අනාවරණය වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.

මෙම පරීක්ෂණ වාර්තා දෙකට අනුව ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම පවසන කරුණුවලට හාත්පසින් පරිබාහිර පැහැදිලි කිරීමක් ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සෙවීමට පොලිස්පතිවරයා පත්කළ නිලධාරියා වන නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කිරීම ගැටලුවකි.

Leave A Reply

Your email address will not be published.

one × 5 =