OPPO වෙතින් Air Glass සහ Spark Micro Projector

OPPO OPPO INNO Day 2021 වැඩසටහන තුළ දී OPPO Air Glass නව නිර්මාණය හඳුන්වා දීමට OPPO කටයුතු කළේ ය. OPPO නිෂ්පාදනයක් වන Spark Micro Projector, අතිනවීන Micro LED සහ Diffraction Optical Waveguide Display  සහිත මෙම aR (assisted Reality) උපාංගය ස්පර්ශය, කටහඬ, හිසේ චලනයන් සහ දෑත්වල චලනයන් මඟින් පාලනය කළ හැකි නිසා, පරිශීලකයන්ට අවශ්‍ය තොරතුරු වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ලබාගත හැකි වේ.

“අප දීර්ඝ කාලයක් තිස්සේ Extended Reality (XR) තාක්ෂණයේ හැකියාවන් පිළිබඳව පර්යේෂණ කළා. ඒ ඔස්සේ අපට දැන් පාරිභෝගිකයන්ට පහසුවෙන් මිල දී ගත හැකි ආකාරයේ smart glass නිෂ්පාදනයක් හඳුන්වා දීමට හැකි වී තිබෙනවා. OPPO Air Glass යනු අප තොරතුරු ලබාගන්නා සහ පරිශීලනය කරන ආකාරයන් මුළුමනින්ම වෙනස් කිරීමේ හැකියාව සහිත නිෂ්පාදනයක්. අපට අවශ්‍ය ප්‍රධාන පණිවිඩ අපගේ දෑස් ඉදිරියේ දර්ශනය කරවීමට මේ දර්ශන තිරයට හැකියාව තිබෙනවා.” OPPO උප සභාපති සහ OPPO පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ලෙවින් ලියු මහතා පැවසී ය.

ග්‍රෑම් 30 ක පමණ බරකින් යුත් OPPO Air Glass ලොව බරින් අඩුම monocle waveguide උපාංගයක් වන අතර, එය සාමාන්‍ය උපැස් යුවළක් ලෙස පහසුවෙන් පැළඳිය හැකි ය. එමෙන්ම OPPO හි තවත් නිෂ්පාදනයක් වන අතිනවීන Micro LED සහ ඉහළ විනිවිදභාවයක් සහිත වීදුරු කාච පහකින් සමන්විත Spark Micro Projector ඉහළම මට්ටමේ aR අත්දැකීමක් ලබා දීමට උපකාරී වෙයි.  මේ ආකාරයට Micro Projector, උසස් තාක්ෂණයෙන් යුත් Micro LED, විශේෂයෙන් සැකසූ waveguide තාක්ෂණය ඔස්සේ OPPO Air Glass ගොඩනැඟිලි ඇතුළත දී මෙන්ම එළිමහනේදීද දීප්තිමත් සහ පැහැදිලි දර්ශන සමඟින් වඩාත් විශිෂ්ට තලයේ aR අත්දැකීමක් සහතික කරයි.

OPPO Air Glass දර්ශන තිරයේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, OPPO සමාගමේ ම නිෂ්පාදනයක් වන Spark Micro Projector වන අතර, 0.5cc හෙවත් කෝපි ඇටයක පමණ ප්‍රමාණයෙන් යුක්ත වන එය ක්ෂේත්‍රයේ කුඩාම ප්‍රක්ෂේපණ පද්ධතිවලින් එකක් ලෙස සැලැකේ. Myopia සහ Hypermetropia වැනි වර්තන දෝෂ සහිත පුද්ගලයන් ඇතුළුව ඕනෑම කෙනකුට භාවිත කළ හැකි වන ආකාරයට OPPO Air Glass සැලැසුම් කර තිබේ. ඇස් කණ්ණාඩි පළඳින පුද්ගලයන්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවන් අනුව silver half-frame ලෙස හෝ black full-frame ලෙස මෙය මිලදී ගත හැකි ය●

Leave A Reply

Your email address will not be published.

3 × five =