උත්සව සමයේ එළවළු හිඟයක් !

දඹුල්ල හා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවලට  එළවළු තොග ලැබීම විශාල වශයෙන් අඩු වී ඇති බවත්, මේ නිසා නත්තලට අවශ්‍ය එළවළු සැපයීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතු වී ඇති බවත් නුවරඑළිය හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳ සංගම්  නියෝජිතයෝ පවසති.
ආර්ථික මධ්‍යස්ථානවලට කෙරෙන එළවළු සැපයුම 15%ක් දක්වා අඩු වෙලා. වෙනදාට දවසට එළවළු තොග කිලෝ ලක්‍ෂ දෙකහමාරක් වගේ සැපයුවත්, දැන් කිලෝ විසිපන්දාහත්, හතළිස්දාහත් අතර වගේ තමයි සපයන්නේ. ගොවීන් වගේම වෙළෙන්දනුත්, පාරිභෝගිකයනුත් අමාරුවේ වැටුණා යැයි ඔවුහු පවසති.
එමෙන්ම මීගොඩ, වේයන්ගොඩ, පෑලියගොඩ මැනිං ඇතුළු බොහෝ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු සැපයීම ද පහත වැටී ඇති බව ද වාර්තා වේ●

 

වසන්ත මොහොට්ටාල – දඹුල්ල.
Leave A Reply

Your email address will not be published.

6 − two =