ගිලිහෙනා දෙසැම්බරය….

බලාගත් වන ම බිම
හුරුපුරුදු නිහඬ වෘතයක
සන්සුන් ගමනක ය
නුඹ….
සේකරගෙ තුංමං හන්දියේ
මුදුන් පිට කඳු මුදුන
ගැඹුරු නිද්‍රාවක ය
නුඹ යනෙන බව නොදැන….
උඳුවප් සීතලෙන්
ඔත්පල ව
වෙනදාට ගුලිවෙනා දහවල
දාහයෙන් පීඩිත ව
යදින අරුමය
සිසිලස ම….
නෙත් කෙවෙනි යට
බොඳ ව ගිය
අතීත මතකයක ශේෂය
දවාලයි නිරතුරු ව
මා හද…..
යන්තමින් වත්තම් කරගත්
සිනහවත් රැගෙන
ඔය දෙනෙත කියවන්න
හෙටත් මම බලා ඉමි
පෙරමග…..!!

-නිමල් කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

four × 2 =