තරුණයන් රට හැර යන්නේ ඇයි ?

76

යම් රටක බුද්ධිගලන සිදු වෙනවා නම් එය එරටේ අනාගතයට ඉතා අසුභදායී ප්‍රතිඵල ගෙනදෙන්නකි. ලොව රටවල් අතුරින් තම රටේ ප්‍රීතියෙන්ම ජීවත් වන ජනතාවක් සිටින රට ෆින්ලන්තයයි. මේ වන විට මෙරට ඇති වී තිබෙන්නේ ඉතා ශෝචනීය තත්ත්වයකි. විදේශගත වීමට පෙළගැසෙන ශ්‍රී ලංකා තරුණ, තරුණියන්ගේ ප්‍රතිශතය දිනෙන් දින වැඩිවෙමින් පවතී. තරුණ, තරුණියන් යනු කුමන රටක වුව ද ඉතා වටිනාම පිරිසයි. රටක නිෂ්පාදනයට සෘජු බලපෑමක් ඇති කිරීමට ඔවුන්ට හැකියාව ඇත.
 

මෙහි දී යම් පුද්ගලයෙක් බලයට පැමිණීමට පෙර රටේ ජනතාවට සුභවාදී පොරොන්දු ගණනාවක් දී බලය ලබා ගත් පසු ජනතාවගේ බලාපොරොත්තු සුනුවිසුණු කරමින් එකී පොරොන්දු කඩ කිරීම හේතුවෙන් රටේ ජනයා ඉච්ඡාභංගත්වයට පත්වෙති.

ශ්‍රී ලංකාවේ තරුණ, තරුණියන් විදේශගත වීමට බලපා ඇති කරුණු ලෙස අපට පහත කරුණු පෙන්වා දිය හැකි ය.

  •  ඉච්ඡාභංගත්වයට පත්වීම:

මෙහි දී යම් පුද්ගලයෙක් බලයට පැමිණීමට පෙර රටේ ජනතාවට සුභවාදී පොරොන්දු ගණනාවක් දී බලය ලබා ගත් පසු ජනතාවගේ බලාපොරොත්තු සුනුවිසුණු කරමින් එකී පොරොන්දු කඩ කිරීම හේතුවෙන් රටේ ජනයා ඉච්ඡාභංගත්වයට පත්වෙති.

  • විරැකියාව

මෙයින් වඩාත් ම අපහසුතාවට පත් වන්නේ තරුණ, තරුණියන් ය. එසේ ම අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහිතව සිටින බැවින්, මෙය ඉතා දැඩිව දැනෙන්නේ ද තරුණ තරුණියන්ට ය. වෘත්තීය සුදුසුකම් කොතරම් සපුරා තිබුණත්, තරුණ තරුණියන්ගෙන් බහුතරයක් විරැකියාවෙන් පෙළෙති. යම් යම් රැකියාවල නිරත වූවෝ ද දිනෙන් දින ඉහළ යන උද්ධමනය හේතුවෙන් ඔවුන් ලබන වැටුප පිළිබඳව කනස්සලු වී රටෙන් පිටවීමට පෙළඹෙති.

  • අශීලාචාර පාලනය

රට කරවන පාලකයා එරට ජනතාවට වගකිව යුතුව ඇත. පසුගිය කාලයේ තලේබාන්වරුන්ගේ අශීලාචාර පාලනය නිසා ඇෆ්ගන් සිවිල් වැසියෝ දසදහස් ගණනින් රටින් පිට වූහ. මේ වන විට ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ අදූරදර්ශී, අශිලාචාර පාලනය තරුණ පිරිසට තම රට එපා වීමට තරම් ප්‍රබල වී තිබේ. රටේ ආදායම හා නිෂ්පාදන පහළ වැටීම, පාලකයන් හා ඔවුන්ගේ සමීපතමයන් වටා පමණක් රටේ සම්පත් ගොඩගසා ගැනීම, මහා දැවැන්ත වංචා, දූෂණ සිදු කිරීම සහ නීතියේ ආධිපත්‍යයට අයුක්තිසහගත ලෙස ඇඟිලි ගැසීම, රටේ වටිනා සම්පත් විදේශ රටවලට විකිණීම සහ අශීලාචාර තීන්දු තීරණ නිසා තරුණ පිරිස් කලකිරීමට පත්ව සිටිති. ඔවුන්ගේ කලකිරීම කොතරම් උග්‍ර වී ඇත් ද යත්, රට හැර දමා යාමට ඔවුහු ස්වයං අභිප්‍රේරණයකට පත්ව සිටිති.

■ සුසන්ත පියතිලක
Previous articleGreat Place to Work 2021 සම්මාන උලෙළේ DHL සම්මාන දිනා ගනී
Next article“බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම” ජාතික ජන බලවේගයේ අද පැවති නියෝජිත සමුළුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here