UNICEF වසර 75ක් සපුරයි

UNICEF සංවිධානය සිය 75 වැනි සංවත්සරය සහ ළමා හිමිකම් ප්‍රඥප්තියේ සංවත්සරය සනිටුහන් කළේ වසර ගණනාවක ප්‍රගතිය ආවර්ජනය කරමින් සහ දැනට ශ්‍රී ලංකාවේ ළමයින් සහ තරුණයන් මුහුණ දෙන දැවෙන ගැටලු ඉස්මතු කරමින්, ‘සෑම දරුවකුගේම අනාගතය ගැන නැවත සිතමු’ යන මැයෙන් සාකච්ඡාවක් පවත්වමිනි.

අධ්‍යාපනය, දේශගුණික විපර්යාස, මෘදු කුසලතා, මානසික සෞඛ්‍යය, හිංසනය අවසන් කිරීම සහ කොවිඩ් -19 වසංගතය අතරතුර වෙනත් බලපෑම්  පිළිබඳ ඔවුන්ගේ අවශ්‍යතා සහ සැලැකිලිමත්භාවය අවබෝධ කර ගැනීම සඳහා පසුගිය මාස කිහිපය තුළ UNICEF සංවිධානය විසින් වයස අවුරුදු 16 සිට වැඩිහිටි අවධිය දක්වා ළමයන් සහ තරුණයන් 3,000කට ආසන්න පිරිසක් සමඟ සම්බන්ධ වනු ලැබී ය. මෙම සංවාද UNICEF හි නව උපායමාර්ගික සැලැස්ම තුළ දරුවන්ගේ හා තරුණයන්ගේ අදහස් සහ මතවාද ඒකාබද්ධ කිරීම සහතික කිරීම සඳහා වන  සැලැස්මේ කොටසකි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ළමා සහ තරුණ පරම්පරාව මුහුණ දෙන ප්‍රශ්න COVID-19 වසංගතය විසින් උග්‍ර කර ඇත. වෛරසය හේතුවෙන් ළමයින්ට සහ තරුණයන්ට සුළු බලපෑමක් ඇති වී ඇතත්, එහි ප්‍රතිඵල තුළින් වඩාත් ප්‍රබලව පීඩාවට පත් වන්නේ ඔවුන් ය. විරැකියාව හරහා පවුල්වලට ආදායම් මාර්ග අහිමි වීම, අධ්‍යාපනය කඩාකප්පල් වීම, සූරාකෑමට සහ අපයෝජනයන්ට නිරාවරණය වීම සහ වෙනත් කාරණා හරහා ළමයින් සහ තරුණයන් වැඩි වශයෙන් පීඩාවට ලක් වේ.

මෙම විද්වත් කතිකාවට සහභාගි වූයේ සංවාද සඳහා සම්බන්ධ වූ ළමයින්ගෙන් තිදෙනෙකි. ඔවුහු තම පෞද්ගලික අත්දැකීම්, ඔවුන් මුහුණ දී ඇති සමහර ගැටලු සහ සෑම දරුවකු වෙනුවෙන්ම ඔවුන් නැවත සිතන දීප්තිමත් අනාගතය ගැන කතා කළහ.

ඔවුන්ගේ නිරීක්ෂණ සහ අත්දැකීම් මත පදනම්ව මෙම ළමයින් සහ තරුණයන් තම ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ඔවුන්ව සම්බන්ධ කර ගැනීමේ කඩිනම් අවශ්‍යතාව පෙන්නුම් කර ඇත. රටේ අනාගතය වන ළමයින් හා තරුණ පරම්පරාව මුහුණ දෙන ගැටලු  රැසකට විසඳුම් සෙවීම සඳහා විවිධ මට්ටම්වල විසඳුම් මාලාවක් කථිකයන් තිදෙනා විසින් හඳුනා ගනු ලැබී ය●

Leave A Reply

Your email address will not be published.

3 × one =