සුරේඛාගෙ ‘හොට් චොක්ලට්’ රහට පිරිමි අපිටත් ඇති වෙන්නෙ හංගන්න බැරි පෙරේතකමක්

මේ නිමේෂයෙ ගැහැණු-පිරිමි සම්බන්ධතාවය ආදරය සහ ලිංගිකත්වයට අදාළ ව වැඩ කරන්නෙ මොන විදිහට ද? ඇත්තටම ආදරය කියලා දෙයක් තියෙනවද ? එහෙම නැත්නම් ආදරයයි ලිංගිකත්වයයි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද ?එහෙමත් නැත්නම් ආදරයයි ලිංගිකත්වයයි කියන්නෙ පිරිමින්ට වගේම ගැහැණුන්ටත් මේ මොහොත පියමං කර ගන්න තියෙන තාවකාලික ගනුදෙනුවක් විතරද? මේ ප්‍රශ්න ටික ඔලුවට ආවෙ සුරේඛා සමරසේනගෙ ‘හොට් චොක්ලට්’ කෙටිකතා පොත කියෙව්වහම.

ගැහැණියක් මේ තේමාත්මකය පිරිමි භාෂාවෙන් විනිවිදින්න දරන උත්සාහය ඇතුලෙ තියෙන්නෙ අමුතු ම රහක්. ඒක පිරිමින්ට නම් තැතිගැන්මක් ඇති කරන රහක්. මොකද, ගැහැණියට තරම් තේරීම් ගොඩක්, විකල්ප ගොඩක් පිරිමින්ට නැති නිසා. ඒවගේම මේක ගැහැණු ශරීරය මත පටවන පිරිමින්ගෙ ලිංගික ආධිපත්‍යය දෙදරා යමින් පවතින මොහොතක්. මේ තත්ත්වය තුළ අපිට වැඩි වැඩියෙන් මුණගැහෙන්නෙ ස්වකැමැත්තෙන් සංස්කෘතික හිරගෙවල්වල ගාල් වෙන්න දඟලන පිරිමි. මතුපිටින් මාර මොඩර්න් කියලා පෙන්නන්න හදන මේ අය ඇතුලෙ ඉන්නෙ අන්ත සාම්ප්‍රදායික සතෙක්. අනිත් අතට ගැහැණු දැන හෝ නොදැන හුඟක් වෙලාවට මේ සංස්කෘතික හිරගෙවල් බිඳින්න උත්සාහ කරනවා. අපිට ‘හොට් චොක්ලට්’ රස බලන්න වෙන්නෙ එහෙම පසුබිමක. මේ හොට් චොක්ලට් රහ පිරිමි ආත්මය සලිත කළාට ඒක තවත් විදිහකින් පිරිමින් තුළ නැරඹුම්කාමී ලාලසාවකුත් ජනිත කරනවා. ඒක වේදනාව මුසු සතුටක්. ඒ හින්දා සුරේඛාගෙ හොට් චොක්ලට් රහට පිරිමි අපිටත් ඇති වෙන්නෙ හංගන්න බැරි පෙරේතකමක්.

– උදිත අලහකෝන් (fb)

Leave A Reply

Your email address will not be published.

two × two =