ජැට් 146වන රෙසිඩන්සීස් එළිදැක්වෙයි

83
JAT Property Group පෞද්ගලික සමාගම (JAT Property Group Pvt Ltd) තම සිව්වැනි නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන තලවතුගොඩ 146වන රෙසිඩන්සීස් ව්‍යාපෘතිය පසුගිය දා එළිදැක්වීය. 2024 වසරේ මාර්තු මාසයේ දී සම්පූර්ණ කිරීමට නියමිත මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක අතුරින් 30%ක්

දැනටමත් අලෙවි වී අවසන්ව ඇති අතර, එය මෙම නිවාස ව්‍යාපෘතිය සතු ආයෝජන අවස්ථාව ද හොඳින්, මනාව පෙන්නුම් කරයි.
පර්චස් 92ක භූමියක ඉදි වී ඇති මෙම සුපිරි නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක රුපියල් මිලියන 22 සිට ඉහළට මිල දී ගත හැකි ය. තව ද, එම නිවාසවල ප්‍රාග්ධන ලාභය ඉදිරි වසර 2, 3 ඇතුළත 25-35%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ද ගණනය කර තිබේ. එමෙන්ම, නිවාස ඒකක හරහා උපයන කුලී සහ බදු ආදායම් ප්‍රමාණය ද වාර්ෂිකව 7%කින් පමණ වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මහල් 12කින් සමන්විත නිවාස ව්‍යාපෘතියේ නිඳන කාමර 2, 3 සහ 4 ආදී වශයෙන්, වර්ග අඩි 688.6 සිට 2,367.2 පරාසයක නිවාස ඒකක මිල දී ගත හැකි ය. මෙම නිවාස ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ ආයෝජකයන්ට මෙන්ම නේවාසිකයන්ට ද සීමාසහිත ගෙවත්තක් සහිත ටෙරස් ඇතුළත් නිවාස ඒකක ලබා ගැනීමේ අවස්ථාව උදා වීමයි. කෙසේ නමුත්, නිවාස ව්‍යාපෘතිය සතුව වර්ග අඩි 8,800ක වපසරියකින් යුත් ‘රූෆ් ටොප්’ අවකාශයක් පවතින අතර, එහි නවීන නාගරිකත්වයට සරිලන පොදු පහසුකම් රැසක් අන්තර්ගත වේ. නගරය සහ අවට හරිත පැහැ ගත් වටාපිටාව අංශක 360ක කෝණයකින් නැරඹිය හැකි මෙම රූෆ් ටොප් විවෘත අවකාශයේ  සුන්දර පිහිනුම් තටාකයක්, බාබක්‍යු ස්ථානයක් මෙන්ම කුඩා දරුවන්ට වෙන් වූ ක්‍රීඩා ස්ථානයක් ද ඉදිකෙරේ. ඊට අමතරව පෞද්ගලික විවේකාස්වාද අවකාශ, බාර් පහසුකම්, පූල් ක්‍රීඩා මේසයක් ඇතුළු විනෝදාස්වාද කලාප ද, නවීන ව්‍යායාම් මධ්‍යස්ථානයක් ද මෙහි අන්තර්ගත වේ●

පුෂ්ප එපිටකඩුව
Previous articleවිනී හෙට්ටිගොඩ කාටූන් – ලංකා – 12.19
Next articleපාර්ලිමේන්තුව හදිසියේ වාරාවසාන කළේ ඇයි?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here