මහ නගර සභාවේ අය-වැය එක දිගට වසර 3ක් පරදී !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන බදුල්ල මහ නගර සභාවේ 2022 වසර සඳහා ඉදිරිපත් කළ අය-වැය පරාජයට පත්ව තිබේ. බදුල්ල මහ නගර සභාවේ අය-වැය 2019 වසරේ සිට 2021 දක්වා පිට පිටම වසර 3ක් පරාජයට පත්ව තිබේ.

මෙලෙස නගර සභාවේ අය-වැය පරාජය වී තිබුණත්, ඌව පළාත් ආණ්ඩුකාරවරයා 2012 අංක 21 දරන පළාත් පාලන විශේෂ විධිවිධාන පනත උල්ලංඝනය කරමින්, එම නගරාධිපති ධුරය වෙනස් නොකර පවත්වාගෙන යමින් සිටින බව එම මහ නගර සභාවේ මන්ත්‍රීවරු පවසති. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ව බලය පිහිටු වූ පසුව වසර තුනක්ම අය-වැය පරාජයට පත්ව තිබේ. මෙම තත්ත්වය පදනම් කර ගනිමින්, නගරාධිපති ධුරය වෙනස් කර ගැනීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරු අධිකරණයේ නඩු දෙකක් පවරා ඇති අතර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබේ.
කෙසේ වෙතත්, ආණ්ඩුකාරවරයාගේ බලපෑම මත නගරාධිපති ධුරය වෙනස් කිරීම සම්බන්ධව ක්‍රියාමාර්ග නොගන්නා බවට සෙසු මන්ත්‍රීවරු චෝදනා කරති.
බදුල්ල මහ නගර සභවේ 2022ට අදාළ අය-වැය  පසුගිය 14 වැනි දින පවත්වනු ලැබූ අතර, මෙවර වැඩි ඡන්ද 9කින් පරාජයට පත් විය●
විජිත කාරියවසම් – බදුල්ල
Leave A Reply

Your email address will not be published.

three × two =