මේ අර්බුදයෙන් සිංගප්පූරුවට; ඊළඟ අර්බුදයෙන් ඇමෙරිකාවට…

ජනාධිපතිවරයා හදිසියේ ම දෙසැම්බර් දොළොස් වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව කල් දැමුවේ ය. එවැන්නක් පිළිබඳව කිසිවෙක් දැන නොසිටියහ. පසුව දා උදේ මාධ්‍ය මඟින් බොහෝ අය මේ ප්‍රවෘත්තිය දැනගත්තෝ ය. ‘මොකක් ද මේ වුණේ ?’ යන්න කාටවත් සිතා ගත නොහැකි විය. එහෙම කරන්න වුවමනාවක් බැලූබැල්මට ම තිබුණේ ද නැත.

දෙසැම්බර් දහවැනිදා අය-වැය ද සම්මත වුණේ ය. නැවත පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණේ ද ජනවාරි දහවැනිදා ය. එසේ තිබිය දී, ජනවාරි දහඅට තෙක් එය කල් දැමුවේ ඇයි ද යන්න දැනගත යුතුව ඇත්තේ ද ජනපතිවරයාගෙන් ම ය. ගැස ට් එක ගහලා, පහුවදා උදේ එළි වෙන කොට ම ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොසින්ය. දැන් කියන්නේ, පෞද්ගලික වුවමනාවක් සඳහා ගිය බවකි. ඇත්ත සොයා ගන්න වෙන්නේ සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලෙන් ය.

පෙර ලකුණු සුබ නැත

මීට පෙර අවස්ථා ගණනාවක දීම හිටපු ජනාධිපතිවරු මෙලෙස පාර්ලිමේන්තුවේ වාර අවසාන කර ඇත. ඒ හැම අවස්ථාවක දී ම බරපතළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබිණි. මහින්ද රාජපක්‍ෂ යුද්ධය අවසන් වූ වෙලාවේ දවස් දෙකකට කල් දැමීම හැර අනෙක් සියලු අවස්ථා අර්බුදකාරී අවස්ථා ය. මේ මොහොත ගත්තත්, පැහැදිලිව ම බරපතළ ආර්ථික, දේශපාලන අර්බුදයක් ඇත්තේ ය. ඒ කිසිවකට වත්මන් ජනාධිපතිට හෝ ආණ්ඩුවට හෝ උත්තර නැත. බොහෝ අර්බුද ආණ්ඩුව විසින් ම සාදා ගනු ලැබූ ඒවා ය.

ගෝඨාභයගේ රතු කට්ට පැන්නාට වන්දි ගෙවන්න සිදුව ඇත්තේ, රටේ ජනතාවටය. මේ විදියට ම අර්බුදය තවත් උත්සන්න වන බව පැහැදිලි ය. ලබන මාසේ ණය ටික ගෙවා ගන්න. තෙල් ටික ගෙන්වා ගන්න, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගන්න සල්ලි ඇත්තේ ම නැත. තව මාසයක් දෙකක් යන කොට කන්නවත් දෙයක් නැති වන තත්ත්වයට පත් වන බව පැහැදිලිය. එවැනි අර්බුදයක දී ගෝඨාභයගේ මානසික තත්ත්වය කෙසේ වේ දැයි හිතා ගන්නත් අමාරු ය. අර්බුදය බරපතළ ම වුණොත් අවුරුදු දෙකහමාරෙන් පස්සේ විසුරුවා දාලා ඇමෙරිකාවට පැනලා යයි ද කියලත් හිතෙන්නේ ය. මේ අර්බුදයේ දී පාර්ලිමේන්තුව වහලා සිංගප්පූරුවට පැන්නා වාගේ ඊ ළඟ අර්බුදයේ දී විසුරුවා දමලා ඇමෙරිකාවට පැනලා යන එක අරුමයක් නොවේ ය. ඇමෙරිකාව වෙනුවෙන් රටක බලශක්තිය මුළුමනින් ම ලබා දෙන ගෝඨාභයට එය කළ නොහැකි දෙයක් නොවේ ය.

පොහොර අර්බුදය ජනාධිපති විසින් ම නිර්මාණය කර ගන්නා ලද්දකි. ඒ මඟින් සමස්ත ගොවි ජනතාව ම හිඟමනට ඇදවැටුණහ. එපමණක් නොව නැනෝ පොහොර වංචාව මඟින් කෝටි ගාණක අලාභයක් ද සිදු විණි. මේ වන විට ප්‍රමිතියෙන් තොර චීන පොහොර වෙනුවෙන් රුපියල් කෝටි එකසිය තිස්හයක් ගෙවන්නට සිදුව තිබේ. පොහොර ග්‍රෑම් එකක්වත් අපට ලැබුණේ නැත. නිකරුණේ රටේ මහජනතාවගේ සල්ලි කෝටි ගාණක් ගෙවන්නට සිදු වුණේ, ඔලමොට්ටල තීන්දු, තීරණ නිසාවෙනි. දැන් මේවා ගෙවන්නට සිදුව ඇත්තේ, ජනතාවගෙන් බඩු මිලෙන් අය කර ගන්නා සල්ලිවලිනි. හරි නම්, ජනාධිපතිවරයා මේ කරපු අපරාධයට ඉල්ලා අස් විය යුතු ය. මානසික පීඩනය හැදෙන්න ඕනෑ ජනතාවට ය. මේ වාගේ නිකරුණේ තමන්ගේ සල්ලි චීනයට ගෙවන්න වීම පිළිබඳව බෙහෙත් ගන්න වී ඇත්තේ, ගොවි ජනයාට ය.

‘මණ්ඩලයේ ආයෝජන’

ඒ වාගේ ම දෙයක් ආයෝජන මණ්ඩලයේ ද සිදු විණි. කොරෝනා වසංගතය අස්සේ ආයෝජන මණ්ඩල සභාපති අරුම පුදුම තීන්දු ගත්තේ ය. ලක්‍ෂ ගණන් පඩි ගෙවන්නට අලුතින් නිලධාරීන් කිහිප දෙනකු බඳවා ගන්නට තීන්දු ගත්තේ ය. ඒ විතරක් නොව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඒ අය වෙනුවෙන් වෙන ම කාර්යාල පහසුකම් දෙන්න තවත් ලක්‍ෂ ගණනක් වියදම් කළේ ය. හරියට ගත්තොත්, ඒ සඳහා ලක්‍ෂ හත්සිය පනහක් වියදම් වන්නේ ය. මේ පිළිබඳ විරෝධතාවන් දිගට හරහට එල්ල වුණේය.

මුලින් ම විරෝධය ආවේ ආයෝජන මණ්ඩලය ඇතුළේ ම සේවකයන්ගෙන් ය. පසුව එය ජවිපෙන් ද දැඩිව මතු කළේ ය. අවසානයේ පාර්ලිමේන්තු කෝප් කමිටුවට ද ආවේ ය. එහි සභාපතිවරයා මහාචාර්ය චරිත හේරත් ය. පක්‍ෂ, විපක්‍ෂ මන්ත්‍රීවරු ගණනාවක් එහි සාමාජිකයන් ද වන්නේ ය. එතැන දී මේ කරුණ පිළිබඳව ප්‍රශ්න කෙරුණේ ය. ආයෝජන මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය එවැනි මුදලක් වැය කරන්නට තීන්දු ගත් බව පිළිගත්තෝ ය. රටේ මෙතරම් මූල්‍ය අර්බුදයක් ඇති වේලාවක මෙවැනි විනාශකාරී දේවල් නොකරන ලෙස කෝප් කමිටුව නියෝග කළේ ය. සියලු මාධ්‍යවල මෙය ප්‍රචාරය වුණේ ය.

දැන් ආයෝජන මණ්ඩලය සෘජුව ම පවතින්නේ  ජනාධිපතිවරයා යටතේ ය. වෙනදා නම්, මෙය තිබුණේ, එක්කෝ මුදල් අමාත්‍යාංශය යටතේ ය. එසේත් නැත් නම්, ව්‍යවසාය ඇමැතිවරයා යටතේ ය. මහා ලොකුවට ජනාධිපතිවරයා තමන් යටතට මෙය පවරා ගත්තේ පී. බී. ජයසුන්දරගේ උපදෙස්වලට අනුව බව පැහැදිලි ය. අන්තිමේ දී සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ඉල්ලා අස් වීමට තීරණය කළහ. එහෙත්, ජනාධිපතිවරයා මෙයට එකඟ වූයේ නැත. එය තමන්ගේ තත්ත්වයට ගැළපෙන්නේ නැති බැවින්, උද්දච්චකමට එම තනතුරුවල ම ඉන්නා ලෙස ඔවුන්ට දැන්වූයේ ය. ඒත්, සේවකයන් එකහෙළා ම කිව්වේ, ඒ සභාපති ඇතුළු කණ්ඩායම ආයේ ආවොත්, තමන් සියලු දෙනා ම වැඩ නොකරන බව ය. අර්බුදය ඒ දක්වා ම වර්ධනය විණි. අවසානයේ සභාපති ඉල්ලා අස් වුණේ ය. ගෝඨාභයගේ රතු කට්ට සීමාව පැන්නේ  ය. මානසික පීඩනය ද වැඩි වන්නට ඇත. ඉඳපන් දෙන්නම් කෝ කියා කෝප් කමිටුව විසුරුවා හැරියේ ය.

ප්‍රශ්න කළොත් වැහුවා

පාර්ලිමේන්තුවෙන් සිද්ධ වූ ප්‍රධාන ම දේ ආයෝජන මණ්ඩලය ගැන ප්‍රශ්න කෙරුණ කෝප් කමිටුව අහෝසි වීම ය. අනෙක් පැත්තට රටේ මතු වන බරපතළ ආර්ථික, සමාජයීය ප්‍රශ්න කතා කරන තැන වසා දැමීම ය. කොටින් ම ගත්තොත්, ජනතාවගේ හඬ වසා දැමීම ය. ඒ වෙන කොටත් රටේ මූල්‍ය අර්බුදය, කෙරවලපිටියේ බලාගාරය විකුණා දැමීම, පොහොර වංචාව යනාදිය ප්‍රශ්න කෙරෙමින් තිබුණේ ය. දැන් සියල්ල පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් වී ඇත්තේ ය. පාර්ලිමේන්තුව වහපු ගමන් ම චීන පොහොර නැවට වන්දි ගෙවන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය. පාර්ලිමේන්තුව තිබුණා නම්, කෘෂිකර්ම ඇමැති ඇතුළු ආණ්ඩුව මෙයට උත්තර බැඳිය යුතුව තිබිණි. දැන් ඒ උත්තර බැඳිල්ල ලබන අවුරුද්දට ම කල් යන්නේ ය. එතකොට අශ්වයා ඉස්තාලයෙන් පැන ගිහින් අවසන් ය. වෙන්න ඕනෑ ඔක්කො ම දේවල් සිදු වෙලා ය.

ගෝඨාභයගේ රතු කට්ට පැන්නාට වන්දි ගෙවන්න සිදුව ඇත්තේ, රටේ ජනතාවට ය. මේ විදියට ම අර්බුදය තවත් උත්සන්න වන බව පැහැදිලි ය. ලබන මාසේ ණය ටික ගෙවා ගන්න. තෙල් ටික ගෙන්වා ගන්න, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගන්න සල්ලි ඇත්තේ ම නැත. තව මාසයක් දෙකක් යන කොට කන්නවත් දෙයක් නැති වන තත්ත්වයට පත් වන බව පැහැදිලි ය. එවැනි අර්බුදයක දී ගෝඨාභයගේ මානසික තත්ත්වය කෙසේ වේ දැයි හිතා ගන්නත් අමාරු ය. අර්බුදය බරපතළ ම වුණොත් අවුරුදු දෙකහමාරෙන් පස්සේ විසුරුවා දාලා ඇමෙරිකාවට පැනලා යයි ද කියලත් හිතෙන්නේ ය. මේ අර්බුදයේ දී පාර්ලිමේන්තුව වහලා සිංගප්පූරුවට පැන්නා වාගේ ඊ ළඟ අර්බුදයේ දී විසුරුවා දමලා ඇමෙරිකාවට පැනලා යන එක අරුමයක් නොවේ ය. ඇමෙරිකාව වෙනුවෙන් රටක බලශක්තිය මුළුමනින් ම ලබා දෙන ගෝඨාභයට එය කළ නොහැකි දෙයක් නොවේ ය.

කොහොමටත් අවුරුදු දෙකහමාරකින් පස්සේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විස්ස සංශෝධනයට අනුව ඇත්තේ ය. මේ වෙන දේවල් දිහා බැලුවා ම එය එසේ නොවන්නේ යැයි ද සිතිය නොහැකි ය.

‘නල්ලමලේ සභාපති’

ආයෝජන මණ්ඩලයේ සභාපති අයින් වුණාට පස්සේ පත් කරලා තියෙන්නේ, නල්ලමලේ බඩුවක්ය. ඒ කියන්නේ, මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති ය. එනම්, රාජා එදිරිසූරියව ය. මහින්දගේ කාලේ මොහු ඉංජිනේරු සංස්ථාවේ සභාපති කළේ ය. එතැන මුළුමනින් ම අවුල් කළාට පස්සේ බ්‍රසීලයේ තානාපති ලෙස ද යැව්වේය. මිහින් ලංකා එකෙන් රටට කළ පාඩුව තවමත් ජනතාව ගෙවන්නෝ ය. එහෙව් පුද්ගලයකු ආයෙත් ආයෝජන මණ්ඩලයට පත් කර ඇත්තේ ය. ආරංචි විදියට ඇමෙරිකාවේ පදිංචියට ගෙයක් සහ රැකියාවක් සොයා දී ඇත්තේ ද මේ රාජා එදිරිසූරිය නමැති කෙනා ය. රාජපක්‍ෂ පාලනය දිගින්දිට ම කරගෙන ගියේ මෙවැනි පුද්ගලයන්ට රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන භාර දීමය. අන්තිමට චෞර රැළ ඒ ඔක්කො ම විනාශ කර දමන්නේ ය. මින් සිදු වන්නේ ද තිබුණාටත් වඩා ලොකු ප්‍රශ්නයක් ඇති වීම ය. එය එසේ සිදුවුණා නම්, විසුරුවා දාලා ඇමෙරිකාවට පැනලා යනවා යන්න සිදු නොවෙනවා යැයි කිව නොහැකි ය. රටත්, ජනතාවටත් පැහැදිලි, අලුත් මාවතක් දැන් තියා ම සොයා ගත යුත්තේ, මේ ගැන කල් තියා සිතාබැලීමෙන් ය●

ජගදාක්‍ෂි

 

 

 

Leave A Reply

Your email address will not be published.

3 × 2 =