කිරිපිටි අලෙවි නියෝජිතයන්ට පහරදීම් – හිඟය උග්‍ර වෙයි !

කිරි පිටි හිඟය හේතුවෙන් අවශ්‍ය ප්‍රමාණයට කිරි පිටි ඉල්ලා වෙළෙදුන් හා පාරිභෝගිකයන් කිරිපිටි සමාගම් හි අලෙවි නියෝජිතයන්ට පහරදීම් කිහිපයක් වාර්තා වී ඇතැයි එම සමාගම් පවසයි.
රට තුළ ඩොලර් සංචිත නොමැතිවීම නිසා සම්පූර්ණයෙන්ම කිරිපිටි ආනායනය නතර වුවත් සමාගම් කිහිපයක් යම් තරමක කිරිපිටි ආනයනය කොට බෙදා හැරිය ද පවතින අධික ඉල්ලුම හේතුවෙන් වෙළෙදුන් හා පාරිභෝගිකයන් මෙලෙස පහරදී ඇත.

ඕස්ට්‍රේලියාවෙන් හා වෙනත් රටවලින් ආනයනය කරන කරන කිරිපිටි සමාගම් මේ වන විට කිරිපිටි ආනායනය නතර කර තිබුණ ද නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි යම් ප්‍රමාණයක් ණය ක්‍රමයට තවමත් ලැබෙමින් පවතින බවට වාර්තාවේ.

එම කිරිපිටි බෙදා හැරිමේදී මෙම ගැටළුව මතුව තිබෙන බව වාර්තාවේ. කෙසේවුවද පවතින ඩොලර් හිඟයට විසදුමක් නොලද හොත් ණයට කරනා ආනයනයන් ද ලබන වසර මුල මාස දෙක ඇතුළත නතර වීමේ අවදානමක් පවතින බවද එම සමාගම් හි ආරංචි මාර්ග සදහන් කරයි.
ළදරු කිරිපිටි සම්බන්ධයෙන් ද මෙම ගැටළුව ඉදිරියේදි මතුවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.

15 + five =