ලොහාන් අත්අඩංගුවට නොගත්තොත් පොලිස්පතිට නඩු !

අනුරාධපුර බන්ධනාගාරයට රාත්‍රියේ ගොස් එහි සිටි රැඳවියන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේට විරුද්ධව කටයුතු කිරීමට අසමත් වීම නිසා, ඉදිරි දින හත ඇතුළත ඇමැතිවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට අසමත් වුවහොත් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පවරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා සහ ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් නීතිඥ ප්‍රබෝධ රත්නායක මගින් මේ බව පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. ‘ඒ අනුව ඔබට මෙයින් දන්වා සිටින්නේ ඉහත සඳහන් කළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත යන අය අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, විධිමත් අපරාධ විමර්ශනයක් සිදුකරන ලෙසත් ය’ යනුවෙන් අදාළ ලිපිය මගින් අවධාරණය කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 12 වැනි දින මේ සිදුවීම සිදු වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් 16 දින තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් අදාළ ලිපියේ සඳහන් කර ඇති අතර, එයින් මාස තුනක් ගතවුවද, මෙතෙක් එම පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කර නැති බවත් පොලිස්පතිවරයාට වැඩිදුරටත් අවදාරණය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

2 × two =