ඇප ලැබූ අහ්නාෆ් යළිත් බන්ධනාගාරයට !

62

පුත්තලම මහාධිකරණයෙන් ඇප ලැබූ අහනෆ් ජසීම් කවියා අද සවස 4.15ට පමණ යළිත් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
මහාධිකරණයෙන් ඇප නියම කළද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාලව ඔහු රිමාන්ඩ් කර ඇති හෙයින් අහනෆ් යළි බන්ධනාගාරය වෙත රැගෙන යායුතු බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවට අදාලව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබ ඇති බව හා අද ඇප නියම වූයේ එම නඩුවට අදාලව බව නීතිඥවරු පැහැදිලි කළද අද සවස යළිත් වරක් අහනෆ් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
2020 මැයි මස 13 වැනිදා අත්අඩංගුවට ගත් අහනෆ් ජසීම්ට මාස 19යකට පසු පුත්තලම මහාධිකරණයෙන් ඇප නියම විය. පුත්තලමේ පදිංචිකරුවන් ඇපකරුවන් ලෙස සොයා ගැනීමට මුලින් අපහසු වූ අතර ඔහුගේ සහෝදරයා ඇපකරුවකුට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් ෆේස්බුක් සටහනක්ද තබා තිබිනි.

Previous article‘රහස් කියන කඳු’ නැරඹීමෙන් ලත් ප්‍රහර්ෂය නිසා ලියවුණ සටහනක්
Next articleඩොමිනිකන් රාජ්‍යයේ ගුවන්යානා අනතුරකින් 9ක් මරුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here