ජනපතිගෙන් මානව හිමිකම් කොමිෂමට නව සභාපතිවරියක් සහ සාමාජිකයෙක් ලෙස හිමිනමක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට නව සභාපතිවරිය ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මේ අනුව අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය එම කොමිෂන් සභාවේ නව සභාපතිවරිය ලෙස පත්කල අතර පුජ්‍ය කළුපහන පියරතන හිමි එම කොමිෂමේ සාමාජිකයෙක් ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ ආචාර්ය ජගත් බාලසූරිය මහතා එම ධූරයෙන් ඉවත්වනු ඇති.

ආචාර්ය ජගත් බාලසූරිය මීට පෙර මහින්ද රාජපක්ෂ රජයේ ජාතික උරුමයන් පිළිබදව අමාත්‍ය ධූරය දැරූ අතර ඔහුගේ බිරිද වන කුමාරි බාලසූරිය දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය දැරුවේය. 2015 වසරේ වසර 10 ක් දැරූ එම ධූරයෙන් ඉල්ලා අස්විය.

එමෙන්ම ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ පුතණුවන් වන තාරක බාලසූරිය මහතා වත්මන් රජයේ කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

 

Leave A Reply

Your email address will not be published.

7 + eleven =