නාලන්දාවේ ”ඇඩ්ඩියා සමුගනී”

24

ඔහුගේ නම එඩ්වින් ය.
එහෙත් ළමුන් උපහාසයෙන් කෑ ගසන්නේ ඇඩ්ඩියා කියාය .
කස ගස් පේලියෙන් වට වූ නාලන්දා ක්‍රීඩා පිටියේ තණකොළ ගසක් ගානේ ඔහුට ණය ගැතිය
ලලිත් කළුපෙරුම, බන්දුල වර්ණපුර, අනුර රණසිංහ හේමන්ත දේවප්‍රිය , රොෂාන් මහානාම ,අසංක ගුරුසිංහ කුමාර ධර්මසේන , මහේල ජයවර්ධන දක්වා නාලන්දා ටෙස්ට් වංශ කථාවේ පතාක යෝධයින්ගේ ක්‍රිකට් හෝඩිපොතේ ඔහුගේ රුව සටහන් වී තිබේ
අපට තණ කොලයක් පා ගන්නට ඉඩ නොදී ක්‍රිකට් පිටිය ආරක්ෂා කළේ ඔහුය .
පිට්ටනිය හරහා ඇවිදින ළමයින් පසු පස පන්නා විත් කෝටු පහර දීම නිසා ළමෝ ඔහු කෙරෙහි බියෙන් සහ කෝපයෙන් පසු වුහ .
ඔහු පිටියට යන එන හැම විටකම දසතින් ඇසෙන හූ හඬ නැසූ කණින් ඉවසීමේ ශාස්ත්‍රය එඩ්වින් පුහුණු කර තිබිණි .
එකල පාසල් ක්‍රිකට් තරග අතර තුර අතේ එල්ලා ගත් බන්දේසියක් සහ සුදු විශාල ජෝග්ගුවක් සමග පිටියට දිය ඇද්දේ ඔහුය .
මුල් කාලයේ විසි කැත්තකින්ද පසුව කුඩා අත් යන්ත්‍රයකින්ද , ඊටත් පසුව ආසනයක් සහිත රෝද හතරේ යන්ත්‍රයකින්ද පිටිය සිසාරා යමින් තණ කොළ කැපුවේ ඔහුය
තම මුළු ජීවිතයම නාලන්දාවේ ක්‍රිකට් වෙනුවෙන් කැපකළ ඔහු අද උදෑසන සියලු වගකීම් වලින් නිදහස් විය .
බුලතින් රතු වූ මුවත් , සිහින් ගිණිකුරු රැවුලත් , බොර පැහැ දෑසත් මට තවමත් හොඳින්ම මතකය .
අපේ ළමා කාලයේ මතක සටහන් නිර්මාණය කළ එකිනෙකා සමුගනිමින් සිටී .
– නාරද විජයසූරිය (fb)

Previous articleජොනී නම් බරඋසුලන්නා
Next articleජනපතිගෙන් මානව හිමිකම් කොමිෂමට නව සභාපතිවරියක් සහ සාමාජිකයෙක් ලෙස හිමිනමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here