2021 වසරේ මිනිසා ඊලෝන් මස්ක් (Elon Musk) – ටයිම් සඟරාව

ලොව ප්‍රබලම කෝටිපතියා වු ඇමෝසන් නිර්මාතෘ එක්සත් ජනපදයේ ජෙෆ් බිසෝස්ව ඔහු දෙවැනි තැනට ඇද දැමීය. එබැවින් හේ පෘතුවියේ ලොකුම කෝටිපතියාය. දකුණු අප්‍රිකානු ජාතිකයෙකුවු මේ මිනිසා මනස්කාන්ත සිහින දකින්නෙකි. ඒ සිහින තුල පෘතුවිය සුරක්ෂිත තැනක් කිරිම අභ්‍යවකාශය තරණය කරිම, හා මිනිසාට ජීවත්වීමට විශ්වයේ වෙනත් තැනක් සෙවීම වැනි මහා බරපතල කරුණු කාරනා අන්තර්ගතය එහෙත් ඔහුට පෘතුවියේ තමාටම කියා නිවෙසක් නෙැමැතිබව ටයිම් සඟරාව අනාවරනය කරයි.

ඊලෝන් මස්ක් සුවිශේෂි හාදයෙකි මක්නිසාද ඔහු පදවන මෝටර් රථයේ සිට අභ්‍යවකාශයේ සැරිසරන චන්ද්‍රිකාව දක්වා ඔහු භාවිතා කරන්නේ සුර්යාගෙන් ලබාගත් ශක්ති ප්‍රභවයයි. අවම වශයන් ඔහුගේ මෝටර්රථය පැදවීමට රියදුරෙක් හෝ නැත. ඔහුගේ මෝටර් රථ සමාගම වන ටෙස්ලා, එය පුරෝගාමී වූ ඩොලර් බිලියන ගණනක විදුලි වාහන වෙළඳපොළෙන් තුනෙන් දෙකක් පාලනය කරන අතර එහි වටිනාකම ඩොලර් ට්‍රිලියන 1කි. ටෙස්ලා සමාගම එය ඩොලර් බිලියන 250 කට වඩා වැඩි ශුද්ධ වත්කමක් ඇති , ඉතිහාසයේ ධනවත්ම පුද්ගලික පුරවැසියා බිහි කර ඇත. එබැවින් ඔහු වෝල් වීදියේ ආධිපත්‍යය දරයි. ඊලෝන්ගේ එක ඇඟිල්ලක් ගැසීමෙන්, කොටස් වෙළඳපොල ඉහළ යයි. ඔහුගේ සෑම උච්චාරණයකම බැතිමතුන්ගේ හමුදාවක් එල්ලී සිටිති. මේ මිනිසාගේ ඕනෑම කුණුගොඩකට හායි නියමයි කිමට ට්විටර් ගිනුමේ මිලියන 66 ක් අනුගාමිකයෝ සිටිති. මෝටර් රථ කුලියට දීමේ ලෝක දැවැන්තයා වන හර්ට්ස් නිවේදනය කළේ, ටෙස්ලා මෝටර් රථ 100,000 ක් සිය බල ඇණියට එක් කිරීමට තමා සැලසුම් කර ඇති බවයි.
කොටිපතියාගේ ආරම්භක රොකට් සමාගම, SpaceX, ඇමරිකාවේ අභ්‍යවකාශ ගමන් අනාගතය අයිති කර ගැනීම සඳහා Boeing සහ වෙනත් සමාගම් සමග සීඝ්‍රයෙන් ඉදිරියට ඇදෙමින් හිදී. 2021 Elon Unbound වර්ෂය විය. අප්‍රේල් මාසයේදී, SpaceX විසින් 1972 වසරෙන් පසු ප්‍රථම වරට එක්සත් ජනපද ගගනගාමීන් සඳ මත තැබීම සඳහා NASA හි සුවිශේෂී කොන්ත්‍රාත්තුව දිනා ගන්නා ලදී. ස්පේක්ස් එක්ස් පසුගිය වසරේ ගගනගාමින් රහිත රොකට්ටුවක් අභ්‍යවකාශයේ සංචාරකයන්ද කැටිව ගුවන් ගතවී සාර්ථකව එය නිමාකර වාර්තාවක්ද තැබීය.
මීට වසර කිහිපයකට පෙර , මස්ක් බිඳීගොස් කඩාවැටීමේ අද්දර සිටින විට පිස්සු ව්‍යාජ කලාකරුවෙකු ලෙස ඉහළ සමාජයේ සමච්චලයට ලක් විය. ම්ලේච්ඡ ළමා කාලයක් අත්විදි සහ පුද්ගලික ඛේදවාචකයක් වන ඇස්පර්ගර්ගේ සින්ඩ්‍රෝමය සහිත මෙම ලැජ්ජාශීලී දකුණු අප්‍රිකානු ජාතිකයා, මේ වනවිට එක්සත් ඡනපද ආණ්ඩු සහ කර්මාන්ත ඔහුගේ අභිලාෂයේ බලයට අනුව නටවයි.
.මස්ක්ගේ දශක දෙකක සමීප මිතුරෙකු වන ඇන්ටෝනියෝ ග්‍රේසියස් ඔහු ගැන මෙසේ කියා සිටී.
‘‘ ම්ලේච්ඡ ළමා කාලයක් හා දරුනු සින්ඩ්‍රොමීය රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් සියයට අනූනවයක් එයින් කවදාවත් එළියට එන්නේ නැත. සමහර කුඩා ප්‍රතිශතයක් එයින් එළියට එන්නේ අසාමාන්‍ය පීඩනයක් යටතේ විශිෂ්ට තීරණ ගැනීමට ඔහුට ඇති හැකියාව සහ මනුෂ්‍යත්වයේ ගමන් මග වෙනස් කිරීමේ නිමක් නැති තල්ලුවත් සමඟිනි. එවැනි මිනිසෙකි ඊලෝන් මස්ක්.
ඔහු හැදී වැඩුණේ දුෂ්කර පරිසරයක ඉතා විශේෂ මොළයක් සමඟිනි. බොහෝ මිනිසුන් තම ජීවිතය පමණට වඩා විශාල ලෙස විස්තර කර ඇත, නමුත් ස්වල්ප දෙනෙක් පමණක් එයට සුදුසු ය. මේ මිනිසා ඉන් කෙනෙකි ඔහුගේ අතිවිශාල ධනය හුදු දැකීමක් පමණක් නොව අන් අයට කළ නොහැකි දේ කිරීමට ඇති හැකියාවක අතුරු ප්‍රතිඵලයකි ”
“ශ්‍රේෂ්ඨ නායකයන් විවේචනය ඇසීමට අසමත් වෙනවා,” ඔහු පවසයි. “නැපෝලියන් රුසියාවේදී අසාර්ථක වූයේ ඇයි? මක්නිසාද යත් පෙර සෑම අවස්ථාවකදීම ඔහු සාර්ථක වු නිසාය. එබැවින් විවේචන අල්පය නමුත් ඊලෝන් මස්ක්, මගේ මතය අනුව, ඉතා ඥානවන්ත වන එක් අර්ථයකින් කටයුතු කරයි, එනම් ඔහු සදාකාලික නොවන බව ඔහු වටහාගෙන ඇත.”

– උපාලි ජයසිංහ
උපුටා ගැනීමෙි ස්තුතිය ටයිමි සගරාවටය.

Leave A Reply

Your email address will not be published.

five × one =