අයිතියක් කුමට ද ප්‍රේමයට…?

ආදරේ කරන කෙනා අපිට අයිති වෙන්න ම ඕනෑ ද? ගොඩක් අය කියයි “නෑ” කියලා. ඇත්ත… අපි ආදරේ කරන කෙනා අපිට අයිති වෙන්න ඕනෑ නෑ… ආදරේ නම් කොහේ හිටියාම මොක ද? කා එක්ක හිටියම මොක ද? සතුටින් ඉන්නවා නම්… කියන්න ලේසි වුණාට සමහර හැඟීම් තියෙනවා විඳගන්න හරි අමාරු. හැබැයි අමාරුවෙන් හරි විඳින්නම වෙන. අයිති නැති ආදර කතාත් අන්න ඵ් වගේ.

“ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
රිසි වූ කෙනකුට පූජා කරන්නට
ලෝබ සිතින් තොරව පිදුව මනා වේ
පෙරළා ලබන්නට නොසිතා බිඳකුත්”

කියලා සරච්චන්ද්‍රයන් කිව්වට පෘථග්ජන මිනිස්සු වෙච්ච අපි පෙරළා ආදරයක් බලාපොරොත්තු වෙන්නෙ නැද්ද? හැබැයි, අපි ඵ්කට උත්සාහ කරනවා. “එයා ආදරේ නොකළත්, මං ආදරෙයි නෙ” කියලා  හිත හදාන්න වෑයම් කරනවා. එහෙම හරි ආදරණීය අහිමි වීම් ඉස්සරහා මිනීමරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, පාදඩයෝ වෙන ගැහැනු පිරිමි අතරේ හිතින් විඳව විඳවා හරි වෛර නොකර අත්හරින මිනිස්සු හරිම දුර්ලභයි. එහෙව් හිත් හරි ශ්‍රේෂ්ඨයි.

මානසික සුවය නැති කරන, මානසික පීඩනය ඇති කරන බැඳීමකට ප්‍රේමය කියන වචනය දෙන්න සුදුසු නෑ. ඔබ ආදරය කරන කෙනා ඔබට අයිති වෙන්නම තියෙද් දී, අන්තිම තත්පරේ අහිමි වෙන්න පුළුවන්. ඒ කෙනාව ම හිමි වුණත්, දවසක අහිමි වෙන්න පුළුවන්.

ප්‍රේමය කියන කාරණාව ඇතුළේ මානසික ආතතිය, අසහනය, පීඩනය වැනි හැඟීම් ඇති වෙන්නෙ ඇත්තටම අපි ඵ් දේවල් අයිති කර ගැනීමට උත්සාහ කිරීමෙන්. උත්සාහ කළත්, ඵ් දේවල් හිමි නොවීම හින්දා. කාට හරි පුළුවන් නම් සැබැවින්ම අයිතියක් නොකියා ආදරේ කරන්න. ඒ තමයි, ප්‍රේමයේ දී දෙන්න පුඑවන් වටිනාම තිළිණය. ඔබේ සතුට තියෙන්නේ ඒ කෙනා ගාව වුණත්, ඒ කෙනාගෙ බලාපොරොත්තුව ඔබ නෙමෙයි නම්, එහෙම බැඳීම් විලංගු දාලා තියා ගන්න බෑ. කවදාකම හරි එයාලා අත්හරින දවසක් එනවා. ඔබ යම් කෙනෙක් වෙනුවෙන් ඔබේ හීන, බලාපොරොත්තු, අරමුණු සහ ඉලක්ක වෙනස් කරනවා නම්, ඒක තමයි ඔබේ සැබෑ වුවමනාව. නමුත් ඔබ වෙනුවෙන්, ඔබේ ප්‍රේමය වෙනුවෙන් අනෙකා තමාගේ ඉලක්ක, අරමුණු වෙනස් කර ගන්නෙ නැති වෙන්න පුළුවන්. ඔබට වඩා ඒ කෙනාට තමන්ගෙ ඉලක්ක, අරමුණු වැදගත් වෙන්න පුළුවන්. එහෙම මිනිස්සුන්ට නිදහස දෙන්න. ඔවුන්ගේ ජීවිතයේ නිදහස ඔවුන්ට විඳින්න දෙන්න. එයාට වගේම ඔයාටත් ඉලක්ක අරමුණු ඇති. වෙනස් වෙන බැඳීම් ඉස්සරහ කවදාවත් ඒ ඉලක්ක සහ අරමුණු වෙනස් කර ගන්න එපා. එහෙම වුණොත්, ඔබට ප්‍රේමයත්, ඉලක්කයත් දෙක ම නැති වේවි.

මානසික සුවය නැති කරන, මානසික පීඩනය ඇති කරන බැඳීමකට ප්‍රේමය කියන වචනය දෙන්න සුදුසු නෑ. ඔබ ආදරය කරන කෙනා ඔබට අයිති වෙන්නම තියෙද් දී, අන්තිම තත්පරේ අහිමි වෙන්න පුළුවන්. ඒ කෙනාව ම හිමි වුණත්, දවසක අහිමි වෙන්න පුළුවන්. අපි හැමෝට ම අපි ආදරේ කරන අයව අහිමි වෙන දවසක් එනවා. ඒ දවස වෙනුවෙන් අපි වේලාසනින් ම හිත සූදානම් කළ යුතුයි. ඉතින්, අයිතියක් මොකට ද..? අපි ආදරේ කරමු.

■ චමෝදි පෙරේරා
කැලණිය විශ්වවිද්‍යාලය.
Leave A Reply

Your email address will not be published.

15 + eighteen =