හෙද සභා ඡන්දයෙන් ජවිපෙට සම්බන්ද සමස්ත ලංකා හෙද සංගමයට විශිෂ්ඨ ජයක්…

ශ්‍රී ලංකා හෙද සේවයේ කටයුතු පිළිබද තීරණ ගනු ලබන හෙද සභා නිළවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වෘත්තීය සමිතියක් වන සමස්ත ලංකා හෙද සංගමය ඉදිරිපත් කළ 05 දෙනාගෙන් 04 දෙනෙකුම ඉතා විශ්ෂ්ඨ ලෙස ජයග්‍රහණය කර තිබේ.

හෙද සභාව 1988 වසරේ පාර්ලිමේන්තු පනතකින් සම්මත කර ස්ථාපිත කරන ලද නිල ආයතනයක් වන අතර හෙද කේෂ්ත්‍රෙය් ප්‍රතිපත්ති හා වැඩපිලිවෙල සකස්කිරීම, සේවකයින්ගෙ ස්ථාන මාරුවීම් සහ හෙද සේවයට අදාල විවිධ ගැටළු සදහා තීන්දු තීරණ ගනුලබයි.

මෙම නිලවරණයෙන් හෙද සභාව සදහා සමස්ථ හෙද සේවයේ 40000ක් වන සේවකයින් අතරින් 37000ක් වන හෙද නිලධාරීන් නියෝජනය කරමින් සමාජිකයින් පස්දෙනෙක් තෝරා පත්කරගන්නා ලද අතර ඉන් ඉහලම ඡන්ද වන 66%ක ප්‍රතිශතයක් ලබා ජවිපෙ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන සමස්ථ ලංකා හෙද සංගමයෙන් හතරදෙනෙකු තේරී පත්වී ඇත. මීට අමතරව ස්වාදීනව තරඟ කල පුෂ්පා රම්‍යා ද සෙයිසා මහත්මිය පත්වී සිටී.

සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස්.බී. මැදිවත්ත මනාප 4,119ක්, එහි සභාපති ප්‍රභාත් පලිපාන මනාප 3,554ක්, එහි උප සභාපති ඊ.ජේ.කේ.පී අමරණන්ද මනාප 2,415ක් සහ එහි වයඹ පළාත් සංවිධායක අමිල රත්නායක මනාප 2,470ක් ලබාගෙන තිබේ.

මේ අනුව මෙවර නිලවරණයෙන් 66%ක ප්‍රතිශතයක් ජවිපෙ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන සමස්ථ ලංකා හෙද සංගමය ලබාගනිද්දී මුරුත්තෙට්ටුවේ ආනන්යද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට හිමි වී ඇත්තේ 17%ක ඡන්ද ප්‍රතිශතයකි. එමෙන්ම සමන් රත්නප්‍රියගේ රජයේ හෙද සංගමයට හිමි වී ඇත්තේ 16%ක ඡන්ද ප්‍රතිශතයකි.

හෙද සභාව සභිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර එයින් සභිකයින් 11 දෙනෙකු හෙද හෙදියන්ගේ සෘජු ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලබයි. එසේ ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන අය අතුරින් දැනට රෝහල් ක්ෂේත්‍රය නියෝජනය කරන හෙද හෙදියන්ගේ ඡන්දයෙන් 5 දෙනෙකු තෝරාපත් කර ගනු ලබයි. සමස්ත ලංකා හෙද සංගමය නියෝජනය කළ පිරිසෙන් 4 දෙනෙකුම හෙද සභාව සඳහා තේරීපත්වීම විශේෂත්වයකි.

2011 වසරේ හෙද සභා නිලවරණය පැවැත්වීමෙන් පසු වසර 5ක කාලය 2016දී අවසන් වුවද විවිධ දේශපාලන සහ වෘත්තීය සමිති බලපෑම මත වසර 05ක් මෙම නිලවරණය නොපවත්වන ලදි. කෙසේ නමුත් පසුගිය මැයි 31 සමස්ථ ලංකා හෙද සංගමය වෘත්තී සමිති ක්‍රියාමාර්ගයක් ගෙන නිලවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් එකගතාවයක් ලබාගන්නා ලද අතර ඒ අනුව පසුගිය 11වනදා මෙම නිලවරණය පවත්වන ලදි.

මේ අනුව මෙතෙක් කලක් විවිධ දේශපාලන බලපෑම මත අකර්මණ්‍යව පැවති හෙද සභාව නැවත පිහිටුවීමට හැකියාව ලැබී තිබෙන අතර හෙද කේෂ්ත්‍රෙය් පොදුජන පෙරමුණට පක්ෂපාති මුරුත්තෙට්ටුවේ ආනන්යද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ එජාපයට පක්ෂපාතී සමන් රත්නප්‍රියගේ රජයේ හෙද සංගමයට මෙතෙක් පැවති තීරණාත්මක බලය මින් ඉදිරියට ගිලිහී යනු ඇත.

Leave A Reply

Your email address will not be published.

two + 9 =