Rakuten Viber ලසිත් මාලිංග සමඟ එක්ව නවතම ක්‍රිකට් අත්දැකීම් ගෙන එයි

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ වේගපන්දු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග Viber හි ඔහුගේ පළමු නිල සමූහය එළිදැක්වීමට Rakuten Viber සමඟ එක් වී සිටී. ඒ අනුව ඔහුගේ ක්‍රීඩා රසිකයන්ට දැන් AR තාක්ෂණ බලයෙන් ක්‍රියාත්මක වන කාච හරහා ඔහුගේ නිරූපිත විලාසිතාව සහ ස්ටිකර් ඇසුරුම් හරහා ඔහුගේ ජනප්‍රිය ක්‍රිකට් විලාසය අත්විඳිය හැකි ය.

එසේම ලොව පුරා සිටින ක්‍රීඩාලෝලීන්ට උද්වේගකර මුහුණුවරක් සහිත ක්‍රියාකාරකම් මාලාවක් හරහා අන් කවරකුටවත් වඩා ක්‍රිකට් අත්දැකීමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සමඟ Rakuten Viber හවුල්කරුවන් ලෙස එක් වීම ක්‍රිකට්ලෝලීන්ගේ සතුටට කරුණක් වනු ඇත. මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ ජනප්‍රිය පණිවිඩකරණ වේදිකාවේ වඩාත්ම ප්‍රිය කරන මුහුණුවර සියල්ල මෙම ප්‍රවීණ වේගපන්දු යවන්නාගේ එක් ප්‍රවේගකාරී ක්‍රිකට් අත්දැකීමක් බවට එකතු කිරීමයි.
Viber ක්‍රිකට්ලෝලී රසිකයන්ට මාලිංග සමඟ සම්බන්ධ වීමට, අදහස් බෙදා ගැනීමට සහ ඔහුගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත් වෙමින් නිල සමූහයක් සේ කටයුතු කිරීම සඳහා මෙම ස්ටිකර් ඇසුරුම් ලබා ගත හැකි වේ. Viber-මාලිංග හවුල්කාරීත්වයට Viber හි නවතම මුහුණුවර වන මාලිංග මත බලගැන්වූ AR ldp කාච ද ඇතුළත් වනු ඇත.
ලෝක කුසලානය අතරතුර Viber Crickt Talks Community හරහා මෙම ජනප්‍රිය වේග පන්දු යවන්නා සමඟ එක් වීමට රසිකයන්ට අවස්ථාව ඇත. එහි දී මාලිංගගේ කැමැති කාච භාවිත කරමින් ඔහු වෙනුවෙන් පණිවිඩයක් බෙදා ගන්නා ක්‍රීඩාලෝලී රසිකයන් දස දෙනකුට මාලිංග සමඟ වීඩියෝ දර්ශන සහිත ඇමතුමක් හරහා ඔහු ඇමතීම වැනි අවස්ථා හිමි වේ. තවද Viber හි අත්දැකීම වඩාත් සුවිශේෂී කරමින්  ක්‍රීඩා රසිකයන්ට මාලිංග විසින් ඔහුගේ නිල සමූහය තුළ දිනපතා අසනු ලබන පැන ඇතුළත් තරග සඳහා සහභාගී වී, ජය ලබන්නන් වෙනුවෙන් ඔහුගේ අත්සන සහිත ජර්සි දිනා ගැනීමටද අවස්ථාව උදා වනු ඇත●
Leave A Reply

Your email address will not be published.

five − five =