වන අලි ගමට පනිති; ජනතාව කැලෑ පනිති

අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් තිරප්පනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඟිනියාගම ගම්මානයට දිනපතා පැමිණෙන වන අලි රංචු නිසා එම ගම්මානයේ පදිංචි ජනතාවට වනයේ සැඟ වී සිටීමට සිදුව ඇත.

මෙලෙස රාත‍්‍රී කාලයේ ආහාර සොයා යන වන අලින් එකසියපණහක් පමණ දිනපතා ගම්වදින බව ඔවුහු පවසති. ඉඟිනියාගම ජනතාව මුහුණ දෙන තත්ත්වය පිළිබඳව ප්‍රදේශයේ ජීවත් වන තිදරු මවක වන ආර්. එම්. කුමාරි පවසන්නේ මෙවන් අදහසකි :
“අපි මේ ගමේ පදිංචියට ඇවිල්ලා අවුරුදු විස්සකට වැඩියි. ආ දා ඉඳලා අලින්ගෙන් හිරිහැර. හැමදාම හවස පහ, හය වෙන කොට අලි ගමට එනවා. ඒ නිසා කිසිම බෝගයක් වගා කර ගන්න බෑ. අලි විනාශ කරනවා. අලි 150ක විතර රංචුවක් ඉන්නේ. සමහර දාට අලි 50ක් 60ක්. අපිට ඒ අලි එළවා ගන්න බෑ. තියෙන දෙයක් කාලා යනකම් අපි බලාගෙන ඉන්නවා. මේ ගමට ලයිට්, වතුර කිසිම දෙයක් නෑ. ගමට එන්න පාරක් නෑ. මෙහෙම ගමක් තියෙනව ද කියලා සමහර රජයේ නිලධාරීන්, මැති ඇමැතිවරුන් දන්නෙත් නැතුව ඇති. අපිට ඡන්දෙ තියෙනවා. ඒ හින්දා ඡන්දෙ කාලෙට ගොඩ දෙනෙක් ඇවිල්ලා කියනවා, ගමට ලයිට් දෙනවා, වතුර දෙනවා කියලා. ඒ පොරොන්දු විතරයි. මෙතෙක් කිසිම දෙයක් ලැබිලා නෑ●
ධනුෂ්ක ලිහිණියාගම – තිරප්පනේ.
Leave A Reply

Your email address will not be published.

fifteen − twelve =