අපේ ජාතියත් බොහෝදුරට හැලෝවීන් ජාතියක් වෙන්න පුළුවන් – වොලේ සොයින්කා

වොලේ සොයින්කා 1986 වසරේදී නොබෙල් සම්මානය දිනාගත් ප්‍රථම නයිජීරියානු ජාතික ලේඛකයාය. මෙහි පහත දැක්වෙන්නේ ඔහු සම්මුඛ සාකච්ඡාවකට ලබාදුන් පිළිතුරුය. මෙය පරිස්සමෙන් කියවා ගන්නේ නම් ඔබට මේ මොහොතේ ලංකාව පවා විනිවිද දැකිය හැකිය. එනිසා අවසානය තෙක් කියවන්න. එක් තැනකදී ඔහු කියන,
“මේ වෙලාවෙ, තවමත් සමාජයේ ප්‍රමාණවත් තරම් ගැඹුරට ගිහින් බැලුවොත් ඔවුන් පලා යාවි කියලා මම හිතනවා, එහෙම නැත්නම් මේ සමාජය තිබිය යුතු යුගයට අරගෙන යයි – මිනිස් ඇටසැකිලි හැමතැනම එල්ලන කාලයට ඔබ කියන්නේ මොකක්ද?

හැලෝවීන්.
හරියට හරි, හැලෝවීන්. අපේ ජාතියත් හැලෝවීන් ජාතියක් වෙන්න පුළුවන්.”
මෙන්න මේ කොටස සහ දැන් ලංකාව ගැන අවධානය යොමුකරන්න. යමක් දකින්න පුළුවන්, හැකියාව ඇති අය දැන් වේගයෙන් ලංකාව හැරයමින් සිටිනවා. සාහිත්‍යයේ වැදගත්කම නැවතත් ඉස්මතුවෙන්නේ මෙවැනි ලේඛකයන් නිසා.

1965 දී, නයිජීරියාව නිදහස ලබා වසර පහකට පසුවත් නාට්‍ය රචක වොලේ සොයින්කා විරුද්ධවාදී චරිතයක් ලෙස ප්‍රසිද්ධ විය. බලධාරීහු ඔහුට සන්නද්ධ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් බොරු චෝදනා කළ අතර, රටේ සිවිල් යුද්ධයට පෙර, හැටේ දශකයේ අගභාගයේදී, සොයින්කා සටන් වැළැක්වීමට උත්සාහ කළේය. ඔහු කැරලිකරුවන් සමඟ කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ නයිජීරියානු රජය විසින් සිරගත කරන ලදී. ඔහු තම දේශපාලන හා සමාජීය කැපවීම් වෙනුවෙන් පෙනී සිටීමේ විස්මිත ඉතිහාසයක් ඇති ලේඛකයෙකි.

සොයින්කා සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ලබා ඇති විශිෂ්ට ලේඛකයෙකි. ඔහු නාට්‍ය දුසිම් දෙකකට වැඩි ප්‍රමාණයක්, කවි විශාල ප්‍රමාණයක්, මතක සටහන් කිහිපයක්, ලිපි, කෙටිකතා සහ නවකතා තුනක් පමණක් ලියා ඇත. ඔහුගේ තුන්වන නවකතාව අවසාන නවකතාවෙන් දශක පහකට පමණ පසුව නිකුත් වූවකි. “පෘථිවියේ සතුටින්ම සිටින මිනිසුන්ගේ දේශයේ වංශකථා” ලෙස හැඳින්වෙන එය දේශපාලන උපහාසය සහ අභිරහස් මිනීමැරුමකින් සමන්විතය. මිනිස් අවයව ජාවාරමේ යෙදෙන මිතුරන් හතර දෙනෙකුගේ කල්ලියක් එයට පසුබිම් වේ. එය කිසිදු රටකට දරාගත නොහැකි තරම් දූෂණයෙන් පිරි එකකි.

මේ ඔහු ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකින් උපුටාගත් කොටසකි.

මට ඇත්තටම කතාකරන්න ඕන මම ඉතාම කැමති මාතෘකාවක් වෙන “පෘථිවියේ සතුටින්ම සිටින මිනිසුන්ගේ දේශයේ වංශකථා” කියන නම ගැන. මට දැනගන්න ලැබුනා මේ කතාව ගැන අවුරුදු ගණනාවක් තිස්සේ කල්පනා කළ බව. ඒක මේ ලෝකයට බිහිකිරීම ගැන දැනෙන්නේ කොහොමද?

ඒක තරමක් ප්‍රභලයි මම හිතන විදියට. මම ඒකට සම්මත පිළිගැනීමක් අපේක්ෂා කළේ නැහැ. මම අදහස් කළේ ඒක වෙනස් ආකෘතියක, මගේ නිර්මාණාත්මක අඛණ්ඩතාවයේම කොටසක් කියලා – මම කිව්වේ නවකතාවක් ලියන්න නාට්‍ය ලිවීමෙන් ටික කාලයක් ඈත් වෙලා ඉන්නවා කියන කාරණය.

ඔබ මහා චරිත අතිවිශිෂ්ට ලෙස විදහා දක්වනවා. තක්කඩි ආගමික නායකයෙක් ඉන්නවා. දේශපාලකයො ඉන්නවා, එක්තරා ආකාරයක අවංක රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ජනප්‍රිය වෛද්‍යවරයෙක්. මේ පොත ලියද්දි ඔබ කැමතිම චරිතයක් තිබුණද? විශේෂයෙන් හිතාමතාම සහ විවිධ ආකාරයන්ගෙන් ඔබව පුදුමයට පත්කළ චරිතයක් තිබුණද?

චරිත ගණනාවක් පුද්ගලික හමුවීම්වලින් ‘ආනුභාවය’ හෝ ‘උත්ප්‍රේරණය’ වූ ඒවා කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන් අමුද්‍රව්‍ය සැපයූ බව සමහර දුෂ්ට චරිත දැන සිටි බව සහතික කරන්න මම දැඩි වෙහෙසක් ගත්තා. ඒ වගේම ඇත්තටම නවකතාව පිටවුණාට පස්සේ මට ඔවුන්ගෙන් කෙනෙකු පවා හමුවුණා. ඔහු මගේ දිහාවට ඇවිදගෙන ආවම මම ඔහුට කිව්වා, “ඔබ මගේ පැත්තට එනවා. නවකතාවේ මේ ඉන්නේ ඔයාමයි කියලා ඔයාට වැටහෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔහු දේශපාලඥයෙක්, හොඳ දේශපාලඥයෙක් වගේ මෙහෙම මට කිව්වා, “ඔහ්, මහාචාර්යතුමා, ඒකට කමක් නැහැ. ඒත් නවකතාව ගැන බරපතළ ප්‍රශ්න ටිකක් මට ඔබත් එක්ක කතාකරන්න ඕන. ඒ චරිතය අමතක කරන්න.” ඉතින් නවකතාව කෙනෙකුට ඒ වගේ හිතන්න ඉඩක් ලබාදෙනවා, මම පාපොච්චාරණය කළ යුතුයි කියලා, එවිට ඔබට පුළුවන් නාට්‍යාගාරයකට වඩා වෙනස් චරිත රඟදක්වන්න. මට හිතෙන්නේ නාට්‍යාගාරය බොහෝදුරට කලින් සියල්ලම සැලසුම් කරපු තැනක් කියලා. මම කියන්න ගියේ නාට්‍යාගාරය ගැන මිනිස්සු තුළ වඩාත් හැකිළී ගිය බවක් තියෙන හින්දා, මම බොහෝ උද්යෝගයෙන් පසුවුන මේ මිනිස් කලකෝලාලහය වගේ තේමාවක් අල්ලගන්න ඒකත් එක හේතුවක්, අනෙක් අය දෙස බලා සිටීම මගේ ජීවිතය රැකදුන්නා, සමාජයේ එම පිරිහීම දෙස බලමින් මම මගේම ආකාරයකින් ජීවිතය ගලව ගත්තා. අවුල් වී යන සමාජය ගැන මෙම පීඩාකාරී හැඟීමෙන් මා සැබවින්ම ඉවත් කළ හැකි එකම මාධ්‍යය නවකතාව බව මට දැඩිව හැඟී ගියා.

ඒක සිත්ඇදගන්නා කතාවක්: ඔබ ඔබ කියන විදියට සමාජය අවුල් වෙලා යන මෙම හැඟීම, අඳුරු හැඟීම තියෙනවා, ඒ වගේම ඒක මේ අපූරු නම වෙන “ලොව සතුටින්ම සිටින ජනතාවගේ භූමියේ වංශකතා,” කියන එකට ප්‍රතිවිරුද්ධ බවක් පෙනෙනවා. මට දැනගන්න ලැබුනා මේ නම, නයිජීරියාව ලෝකයේ සතුටින්ම සිටින රටවලින් එකක් කියලා ලැයිස්තුගත කරපු ලෝකයේ සතුටින්ම සිටින රටවල්වල වාර්තාවෙන් ආභාෂය ලබපු බව. සේරටම කලින් ඒක ඇත්තද? එම යථාර්ථය ඔබට කලාත්මක ඉදිරිපත් කළේ කුමක්ද?

ඇත්තටම ඒ වාර්ථාව දැකපු වෙලාවෙ මම හිතුවා බලන්න මේ මිනිස්සු අපිට හිනාවෙන හැටි. ඇයි ඔවුන් එච්චර කුරිරු. ඇයි ඔවුන් එහෙම කරන්නේ? ඊට පස්සේ මට තේරුණා ඒක බරපතළ මත විමසුමක්, ඇස්තමේන්තුවක් විය යුතු බව. එය විද්‍යාත්මක, විශ්ලේෂණාත්මක, වෙයිෂයික පවා එකක්. ඉතින් මම ඒ ගැන සොයා බැලුවා. සමහරවිට මම ඉන්නේ වැරදි තැනක කියලා හිතුවා. ඒත් මම වටපිටාව බැලුවම ඒක තාමත් මම අඳුනගන්න, මම ක්‍රියාකරන සමාජයම තමයි. ඉතින් මේක මගේ ඔළුවේ කාලයක් තිබුණා. වසර කිහිපයකට පෙර. ඇත්තටම මම ඒක ලියන්න ගත්තම මම ඒකට වෙන නමක් තමයි තිබ්බේ. හදිසියේම මට හෙමීට තේරුණා, ඔහ් විනාඩියක් ඉන්න. එම විශ්ලේෂණය, ඇස්තමේන්තුව තමයි මම හොයන නියම නම කියලා.

ඔබ දන්නවා සතුට කියන්නේ ඒ තරම් පිරුණු අදහසක්. මේ ඇමරිකාවේ ඇත්තටම අපි ඒක කේතනය කරලා තියෙන්නේ ජාතික මිථ්‍යාවකට- “සතුට ලුහුබැඳයාම.” ඒකෙන් ඔබට මොකක්ද තේරෙන්නේ? මොකද ඒක සම්පූර්ණයෙන්ම නීරස, විනෝදය සොයායන මතුපිට එපිකියුරියානු (සුඛවාදී) වාදයක්, කියලා මම අනුමාන කරනවා. ඒත් ඒකට පුළුවන් සැබෑ සතුටක් ගැන කතාකරන්න. ඒකෙන් ඔබට වැටහෙන්නේ මොකක්ද? ඇයි ඒක ඒතරම් හොඳින් ගැලපෙන්නේ?
ඒක ඉතාම හොඳින් ගැලපෙනවා. මොකද ඒක උත්ප්‍රාසයක් නිසා. මේ ජාතියේ මේ පිටිසර මිනිස්සු සතුටුදායකම අය නෙමේ, පරිකල්පනයේ ශක්තියකින් තොර මේ මිනිස්සු, මේ වෙලාවෙ, තවමත් සමාජයේ ප්‍රමාණවත් ගැඹුරට ගිහින් බැලුවොත් ඔවුන් පලා යාවි කියලා මම හිතනවා, එහෙම නැත්නම් මේ සමාජය තිබිය යුතු යුගයට අරගෙන යයි – මිනිස් ඇටසැකිලි හැමතැනම එල්ලන කාලයට ඔබ කියන්නේ මොකක්ද?

හැලෝවීන්.

හරියට හරි, හැලෝවීන්. අපේ ජාතියත් හැලෝවීන් ජාතියක් වෙන්න පුළුවන්. ඒත් අපේ මිනිස්සු ඒක තේරුම් ගන්නේ නැහැ. නමුත් පසුව, නැවතත්, මම කියූ පරිදි, ඉතා සොච්චම් ආකාරයේ, තෘප්තිමත් හෝ තෘප්තියේ මිනුමක් පවා බලහත්කාරයෙන් උකහා ගන්නා අය ඔබට හමුවෙනවා. ඔවුන් ආගමෙන් හෝ මුල් බැසගත් සාම්ප්‍රදායික දර්ශනයකින් උත්ප්‍රාප්ත වූ අය. නරකම දේ තවම පැමිණිලා නැහැ, ඒ නිසා ඔබට වර්තමානය වඩාත් හොඳින් භුක්ති විඳිය හැකියි.

– රශ්මික මණ්ඩාවල

Leave A Reply

Your email address will not be published.

9 + eight =