Gulf Lubricants ශ්‍රී ලංකාවට…

මෙරට රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පෞද්ගලික සමාගම විසින් ලොව පුරා ජාත්‍යන්තරව පිළිගත් ඨමකf ඛමඉරසජ්බඑි මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබී ය. Gulf Lubricants ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස Gulf Lubricants India සමාගම විසින් අයිඩියල් ෆස්ට් චොයිස් පෞද්ගලික සමාගම පත් කර ඇති අතර Gulf Lubricants සන්නාමය මෙරටට හඳුන්වා දීම කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති උත්සවයක දී සිදු කෙරිණි.
Gulf Lubricants යනු ඩුබායි කේන්ද්‍ර කර ගත් ලිහිසි තෙල් නිෂ්පාදන ව්‍යාපාරයක් වන අතර, සියලුම රථවාහන, කර්මාන්ත ශාලා සඳහා අවශ්‍ය ලිහිසි තෙල් Gulf Lubricants විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලබයි. Gulf Lubricants යනු පරිසර හිතකාමී, වායු දූෂණය අවම කරන ලිහිසි තෙල් සන්නාමයක් වේ. Gulf Lubricants සමාගම ලොව ප්‍රමුඛතම පාපන්දු කණ්ඩායමක් වන එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ්, ලෝකප්‍රකට මෝටර් රථ කණ්ඩායමක් වන McLarance කණ්ඩායමට අනුග්‍රහය ලබාදෙනු ලබයි. Gulf Lubricants India සමාගමේ සන්නාම තානාපති ලෙස ලෝකප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි කටයුතු කරන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කණ්ඩායමට අනුග්‍රාහකත්වය දක්වන්නේ ද Gulf Lubricants India සමාගම විසිනි●
Leave A Reply

Your email address will not be published.

five × four =