තවත් පුරාවිද්‍යා බිමක් අල්ලා විශ්‍රාමික හමුදාවකින් රැකවල්

අනුරාධපුර, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මහඋරුලෑවා ගම්මානයේ අක්කර 13ක පමණ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භූමියක් නිලධාරීන්ගේ හා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ සහාය ලබන පිරිසක් අල්ලාගෙන ඇතැයි ප්‍රදේශයේ විහාරාධිපති හිමිවරු පවසති.

එමෙන්ම තවත් කණ්ඩායමක් ජනාධිපති කාර්යාලයේ ලිපි යොදාගෙන මෙම ප්‍රදේශය උද්‍යානයක් කිරීමේ කටයුත්තක නිරත වන බව ද  ප්‍රදේශවාසීන් විසින් ගොවිතැන් කරන ලද ඇළ වේලි, ඉඩකඩම්, වැව් අමුණු සියල්ල වසා දමා ගම්මුන්ට එම ප්‍රදේශවලට ඇතුළු වීමට ඉඩ ලබා නොදී යුද හමුදාවෙන් විශ්‍රාම ගිය‍ අයගෙන් සැදුම්ලත් ආරක්ෂක කණ්ඩායමක් මෙම ඉඩම්වලට යොදා සිටින බව ද එම ප්‍රදේශවල ගොවීහු පවසති.
පසුගිය දා මහා සංඝරත්නයේ හා ප්‍රදේශයේ ගොවීන්ගේ දැනුම් දීම මත පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, පොලිස් නිලධාරීන් ආදී රාජ්‍ය නිලධාරීන් මෙම ස්ථානය නිරීක්ෂණය සදහා පැමිණ ඇතත්, එම ඉඩමට ඇතුළු වීමට අදාළ ආරක්ෂකයෝ අවසර ලබා දී නැත●
ආර්.ජයසේන – අනුරාධපුරය.
Leave A Reply

Your email address will not be published.

eight + 7 =