සියල්කොට් හිදි සිදුකළ කෘර ඝාතනයේ නඩුව දිනපතා විභාගට

පසුගියදා පාකිස්තානයේ සියල්කොට් හිදි ඇඟළුම්හලක සාමාන්‍යාධිකාරීවරයකු වූ ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට පන්ජාබ් පළාත් ආණ්ඩුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ නීති අමාත්‍ය මුහම්මද් බෂාරත් රාජාගේ ප්‍රධානත්වයෙන් පැවති නීතිය හා සාමය පිළිබඳ පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන ඇතැයි ද වාර්තා කරයි.

මෙම ඝාතනයේ නඩුව දින 14ක කාලයක් තුළ අධිකරණය හමුවේ ගොනුකරන ලෙස ද එමෙන්ම නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමට ද පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

නිදැල්ලේ සිටින සැකකරුවන් නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බව පංජාබ් ප්‍රාදේශිය පොලීසිය දැනුම් දී ඇත.

මේ අතර සැකකරුවන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය බන්ධනාගාරය තුළ සිදුකිරීම සම්බන්ධයෙන් ද එම හමුවේදී අවධානය යොමුව තිබෙන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Leave A Reply

Your email address will not be published.

12 + 19 =