පිලිපීනයේ තවත් මාධ්‍යවේදියෙකු ඝාතනය වෙයි

පිලිපීන මාධ්‍යවේදිනී මාරියා රෙස්සා ඔස්ලෝහි නොබෙල් සාම ත්‍යාගය ලබන විට එම පිලිපීනයේම ඇයගේ සගයෙකු වන ජීසස් මලබානන් නැමති මාධ්‍යවේදියා වෙඩි තබා ඝාතනය කරයි.
ජීසස් මලබානන් තම ඥාතියෙකුගේ කඩයක් අසලදී යතුරුපැදියකින් පැමිනි දෙදෙනෙක් ඔහුට වෙඩි තබා පලා ගියෝය. හිසට වෙඩි වැදීමෙන් ජීසස් මලබනන් රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගිය බව පොලිසිය සහ නිලධාරීන් ප්‍රකාශ කළහ.

2016 දී ඩුටර්ටේ බලයට පත්වීමෙන් පසු පිලිපීනයේ ඝාතනයට ලක් වූ 22 වැනි මාධ්‍යවේදියා ඔහු බවට පත් විය.
ලෝකය මේ වසරේදී මාධ්‍යවේදීන් 365 ක් සිරගතකොට ඇත. චීනයේ මාධ්‍යවේදීන් 102ක් සිරගත කර ඇති අතර, තුර්කියේ මාධ්‍යවේදීන් 34ක්, බෙලරුසියාව සහ එරිත්‍රියාව 29ක්, ඊජිප්තුව 27ක් සහ වියට්නාමය 21ක් සිරගත කර ඇත. රුසියාවේ තවමත් මාධ්‍යවේදීන් 12 දෙනෙකු සිරගතව සිටින අතර 2021 දී පිලිපීනයේදී අවම වශයෙන් මාධ්‍යවේදීන් තිදෙනෙකු ඝාතනය කර ඇත.
මේ වසරේ අවම වශයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 45 දෙනෙකු මරා දමා ඇති අතර ඔවුන්ගෙන් 33 දෙනෙකු ඝාතනය කෙරුනේ ඉලක්කගත ප්‍රහාරවලිනි.

– උපලි ජයසිංහ 

Leave A Reply

Your email address will not be published.

ten + 4 =