ලංකා නායකයින් සඳහා කථන පාඩම්

- සමුළු දේශන නිරීක්ෂණය කළ ජාත්‍යන්තර සංවිධාන 

දේශගුණික විපර්යාස සමුළුවේ රාජ්‍ය‍ නායක කතා.
ලෝකයේ රාජ්‍ය නායකයින් ජාත්‍යන්තර සමුළු වලදී ඉදිරිපත් කරන දේශන පිළිබඳව ගැඹුරෙන් නිරීක්ෂණය කොට මත පළ කරන හා අධ්‍යයනයන් සිදු කරන ජාත්‍යන්තර සංවිධාන තිබේ. එවැනි සංවිධානයකින් නිකුත් කරන ලද වාර්තාවක් හමුවිය.

එය පසුගියදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ රාජ්‍ය නායක දේශන සම්බන්ධව කරන ලද්දකි.ඔමාර් රාජරත්නම් විසින් Factum – The balanced analysis හි පලකර තිබූ එම වාර්තාව හඳුන්වා තිබුණේ ලංකා නායකයින් සඳහා කථන පාඩම් යනුවෙනි.

එමගින් ශ්‍රී ලංකාවේ නායකයින් ජාත්‍යන්තර සංසද වල දී රටේ අවශ්‍යතාව වෙනුවෙන් ඵලදායි ලෙස කරුණු දක්වා තිබේද, යන්න විවේචනාත්මකව සලකා තිබිණි.
ග්ලාස්ගෝ සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බාබඩෝස් අගමැතිනි මියා මොට්ලි කරනු ලැබූ දේශන පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් යටකී වාර්තා වලට ඇතුලත්ව තිබිණි.
බාබඩෝස් රාජ්‍යය වර්ග කිලෝමීටර් 439 ක් විශාල 287371 ජනගහනයකින් යුත් කුඩා දිවයිනකි. එනම් එරට සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා 90 ගුණයකින් අඩු ජනගහනය කි. එවැනි රාජ්‍යයක නායිකාව ලෝක වේදිකාවේ මෙතරම් බලපෑම සහගත අන්දමින් කතා කරන්නේ කෙසේද? “ශ්‍රී ලංකාවේ 72 හැවිරිදි ජනාධිපති වරයා සමුළුව අමතා විනාඩි 8 කුත් තත්පර 58 ක් කතා කළේය. ඔහු කථා කළ වාක්‍ය වලින් සියයට 70 ක් ඉතාමත් සාමාන්‍ය ප්‍රකාශය. දේශනයේ කාලයෙන් සියයට 21කදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සාමාන්‍ය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර ඇත. වාක්‍ය දෙකකදී මනුෂ්‍යත්වය සුරකින ලෙස ලෝක නායකයන් ගෙන් ඉල්ලා සිටී. හෙතෙම ලෝකනායකයින්ට හෝ බල කණ්ඩායම් වලට කිසිදු නිශ්චිත ප්‍රශ්නයක් ඉදිරිපත් කර නැත.

ශ්‍රී ලංකාවේ රසායනික පොහොර තහනම් කොට තමා සාර්ථකත්වය ලැබූ බව ඔහු සඳහන් කළේය. මුළු කතාව තුළම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමා ගේ දෑත් පෝඩියම් ආධාරකය මත රඳවා ගෙන සිටියේය. ඔහුගේ කතාවේ දී හස්ත මුද්‍රාවෙන් කරුණු අවධාරණයට ඔහු කිසිදු උත්සාහයක් නොගත්තේය.
ජනාධිපතිවරයා තම අත් චලනය නොකළේ සත්තකින්ම එම කතාවේ ලෝක රාජ්‍ය නායකයින් සදහා යොමු කළ ප්‍රශ්න කිසිවක් නොවූ නිසාය. ඔහුගේ ක්‍රියාකාරකම් වර්ධනය කෙරෙන ඉදිරිපත් කිරීම් කිසිවක් කතාවේ අන්තර්ගතය තුළ නොවීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමුළුව සඳහා ඉදිරිපත් කරනු ලැබූ දේශනය කෙටුම්පත් කළ තැනැත්තන් වර්තමාන දේශපාලන සන්දර්භයන් ගැන හෝ ලෝක දේශගුණික විපර්යාසයන් පිළිබඳ ගැටළුවේ දී ශ්‍රී ලංකාව ගත යුතු ආස්ථානය පිළිබඳව හෝ විද්‍යාත්මක අවබෝධයක් සහිත තැනැත්තන් නොවන බව ඉතා පැහැදිලි යයි යටකී වාර්තාවේ දක්වා තිබේ.

බාබඩෝස් අගමැතිනි මියා මොට්ලි කතාව ආරම්භ කළේ ම “ස්වාභාවික ගැටළු සඳහා ගෝලීය විසඳුම් ක්‍රියාත්මක නොවන බව වසංගතය අපට උගන්වා ඇත” යනුවෙන් ප්‍රකාශ කරමිනි.
අගමැතිනි මොට්ලි මිනිත්තු 8 තත්පර 20 ක් කතා කළාය. ඇය සටහන් භාවිතා කළේ නැත. මුළු කතාව වාක්‍ය 57 කින් සමන්විතවිය. එක් විනාඩියකදී වාක්‍ය 19 කි කතා කර තිබිණ. ඇය ඉදිරිපත් කළ කරුණු වලට පදනම් වූයේ 2019 පැවති දේශගුණික විපර්යාස සමුළුවයි.

එම සමුළුවේදී ලෝකයේ පෙරටුගාමී කුඩා දූපත් රාජ්‍යයන්ට සංවර්ධනය සඳහා ලබා දීමට තීරණය කළ මූල්‍ය ප්‍රතිපාදන 25% කින් පහත හෙළා ඇති බව සඳහන් කරමින් ඇය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නට පටන් ගත්තාය. 65 හැවිරිදි අගමැතිනිය විනාඩියකට වාක්‍ය 9 ක් කතා කළාය. ඉන් 3 ක් ක්‍රියාවට නැංවියයතු තීරණාත්මක ප්‍රශ්න ඇතුළත් ඒ වාය.
චිනය සමුළුව වර්ජනය කිරීම ගැන චෝදනා කරන ප්‍රශ්න 11ක් ඇගේ කතාවට ඇතුළත් විය. සමහර ලෝක නායකයන් සිතන්නේ වසංගතයෙන් පසුව සමෘද්ධිමත් විය හැකි බව යයි කියද්දී එක්සත් ජනපද ජනාධිපති බිම බලා සිටින අන්දමට දැකගත හැකි යයිද මියා මොට්ලි ප්‍රකාශ කළාය. සෑම වචනයක්ම අනුපිළිවෙලින් විස්තාරණය කිරීමට අවශ්‍ය එකතු කළ අගය ඇය සතුවිය. සභාව දිනා ගැනීම ඇයට හුරුපුරුදු බව පෙනී ගියේය. තාර්කිකත්වය, සංගතභාවය සහ නර්තන විද්‍යාව ඇය හොඳින් ප්‍රගුණ කර තිබුණි.”

අප පිළිබඳව හෝ අපේ රාජ්‍යය පිළිබඳව හෝ අනාගත ලෝකය ගමන් කළ යුතු දිශානතීන් පිළිබඳව හෝ ලෝකයට දෙන්නට අපට පණිවිඩයක් නැතිනම් අපේ රට මෙවැනි ජාත්‍යන්තර සමුළු සඳහා සහභාගි නොවී සිටීම වඩා හොඳය.අනෙක් අතට ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශ කර, ඇල, දොල, ගංගා වනසා රට යකුන් නැටූ පිටියක් බවට පත්කර දේශගුණ සමුළුවල මොනවා කිව්වත් ඇති ඵලය කුමක්ද.

එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය කතාවේ වැඩි පංගුව වැය කොට තිබුණේ තමා මහත්මා ගාන්ධි හා දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා අනුගමනය කරන්නෙක් බව ප්‍රකාශ කරන්නට ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සමුළු ඇමතුවේ එකී සමුළුවේ අරමුණ කුමක්ද යන්න ගැන අවබෝධයෙන් නොවේ. අදාළ සමුළුව කුමක් වුවත් ඔහු ශ්‍රී ලංකාවේ සංවර්ධනය, ජලය, විදුලිය ලබාදීම පිළිබඳ ඉතාමත් සාවද්‍ය ගණන් හිලව් ඉදිරිපත් කළේය. පෘථිවියේ අනාගත පැවැත්ම, ලෝකයේ අනාගතය ගැන අපට මතයක් නැත. ඒ නිසා අපේ නායකයෝ ජ්‍යාත්‍යන්තර සමුළුවලට සහභාගීවී මොනවා කියන්නද?

– උදේනි සමන් කුමාර (fb)

Leave A Reply

Your email address will not be published.

3 × 2 =