OPPO සහ Abans අතර ගිවිසුම තවත් වසර 3කින් දීර්ඝ කරයි

OPPO සහ Abans අතර හවුල්කාරීත්වය තවත් වසර 3කින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය පසුගිය දා කටයුතු කළේ ය. 2016 වසරේ දී ආරම්භ වූ මෙම හවුල්කාරීත්වයට මේ වන විට වසර 5ක් සම්පූර්ණ වී තිබේ.

අබාන්ස් විසින් වසර 50කට අධික කාලයක් තිස්සේ උසස් තත්ත්වයේ විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහොපකරණ, පරිගණක සහ ජංගම දුරකථන හා උපාංග ආදිය මෙරටට හඳුන්වා දී තිබේ. ආරම්භයේ සිටම ්ඉ්බි සහ OPPO අතර හවුල්කාරීත්වයට ශ්‍රී ලාංකිකයන් වෙතින් ඉතා යහපත් ප්‍රතිචාරයක් හිමි විය.  මේ හේතුවෙන් මෙම හවුල්කාරීත්වය තවත් වසර 3කින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ.

ස්මාර්ට් උපාංග නිෂ්පාදන සමාගමක් වන OPPO 2004 වසරේ දී ආරම්භ වූ අතර, මේ වන විට එය ලොව රටවල් 50කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී තිබේ. OPPO සහ Abans අතර හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Abans PLC හි කළමනාකාර අධ්‍යක්ෂ බේමන් පෙස්ටොන්ජි  මහතා මෙසේ පැවසී ය : “OPPO යනු අප නියෝජිතභාවය දරන සන්නාම අතරට එක් වූ සුවිශේෂී සන්නාමයක්. ශ්‍රී ලාංකිකයන් OPPO නිෂ්පාදන ආදරයෙන් වැළඳ ගත්තා. මේ වනවිට OPPO මෙරට ජනප්‍රියම ජංගම දුරකථන සන්නාම අතරට එක් වී සිටිනවා.”

“Abans යනු ඉතා පුළුල් පරාසයක් ආවරණය කරන සමාගමක්. ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ OPPO සන්නාමයේ ජනප්‍රියත්වය ඉහළ නැංවීමට Abans විශාල දායකත්වයක් ලබා දුන්නා. අප සමාගම් දෙක අතර පවතින මේ දීර්ඝකාලීන සම්බන්ධතාව, දෙපාර්ශ්වයේ ශක්තියට හා විශ්වසනීයත්වයට මනා සාක්ෂියක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Xinda Lanka (OPPO Sri Lanka) ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

3 × four =