බස් නොමැති වීමෙන් ගම්මාන රැසක ජනතාව පීඩාවට

දිනපතා රාත්‍රී 7.00න් පසුව කළුතර, වස්කඩුවේ, වාඩියමංකඩ හන්දියේ සිට බණ්ඩාරගම නගරය දෙසට කිසිදු මඟී ප්‍රවාහණ බස්රථයක් ධාවනය නොවීම නිසා දිනපතා රැකියාවලට ගොස් ගම්-බිම් බලා පිටත් වීමට සිටින ජනතාව විශාල පිරිසක් දැඩි අසීරුතාවට පත්ව සිටිති.
දිනපතාම කොළඹ, පානදුර, කළුතර වැනි ප්‍රදේශවල රැකියා කොට තම නිවෙස් බලා පිටත් වීම සඳහා වස්කඩුව, වාඩියමංකඩ හන්දියේ බස් නැවතුමේ  හැන්දෑ කාලයේ දී ජනතාව පැය ගණන් බස් එකක් නැතුව බලා සිටින බව  ගම්වාසීහු  පවසති. මේ හේතුවෙන් පාසල් දරුවන් පවා දැඩි අසීරුවකට මුහුණ දෙන බව ඔවුහු පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ, තමන් අමාරුවෙන් උපයන මුදල් ත්‍රිරෝද රථවලට වැය කොට නිවෙස් බලා පිටත් වීමට සිදු වීම කනගාටුදායක බවත්, කඩිනමින් ලංගම බලධාරීන් සමඟ සාකච්ඡා කොට හැකි පමණ ඉක්මනින්ම බණ්ඩාරගම පාරේ බස් රථ අඩුම වශයෙන් දෙකක්වත් රාත්‍රී 9.00 දක්වා ධාවනය කරවීමට සලස්වන ලෙසත් ය●
රොහාන් සිල්වා – හොරණ.
Leave A Reply

Your email address will not be published.

seven + 18 =