‘චුට්ටා’ හෙට (11) ‘තිඹිරි ගෙදර’ දී- “බැරි වුණොත් ඇවිත් යන්නට – චුට්ටි හෝ තරහක් නෑ නේද..”

ළහිරු කිතලගම විසින් රචිත ‘චුට්ටා’ යොවුන් නවකතාව දෙසැම්බර් 11 වැනි සෙනසුරාදා සවස 2.30ට වාරියපොළ ‘තිඹිරි ගෙදර’ පරිශ්‍රයේදී ජනගත කෙරේ. මෙහි ප්‍රමුඛ දේශනය සාහිත්‍ය විචාරක මනෝරම වීරසිංහ විසින් පවතවන අතර පවන් අංජන, නමාදි ශ්‍යාක්‍යා, අබ්දුල් උමාර්, චමත්ක කවීන්, ගුම්නදී සිරිමෙවන් සහ තමල් මංජිත යන යොවුන් ලේකඛ ලේඛිකාවන් අදහස් දැක්වීමට නියමිතය. චුට්ටා යනු ජීවිතේ සංකීර්ණතා, ගැටලු ප්‍රශ්න හමුවේ, ජීවිතයට මුහුණ දෙන යොව්වනයෙකුගේ කතාව ය.

මේ පොත එළිදැක්ම වෙනුවෙන් තවත් කවියෙකු වන ලහිරු කිතලගමගේ මිත්‍ර ලහිරු කරුණාරත්න ලියන ලද කවියක්

ඉතින් ආදර කිතලෙ…

හෙට උඹේ අලුත් පොත
අපෙ අතේ දැවටෙන දවස
අපෙ හිතේ ගෑවෙන හවස

ඒ පොතේ පිටු අතර
තිබෙනු නිසැකය මිතුර
මේ මහා විශ්වයේ
අපට හිමි චුට්ටි ඉඩ
විසල් කොට දකින ඇස

මේ මහා පැවැත්මේ
චුට්ටි මොහොතක් ය හෙට
ඒ උනත් එ’මොහොතෙහි
දැනේවි විශ්වයක පහස

ඉතින් ආදර කිතලෙ
චුට්ටකට හෝ හෙට මට
බැරි වුණොත් ඇවිත් යන්නට
චුට්ටි හෝ තරහක් නෑ නේද…

– ලහිරු කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

three × three =