‘දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය සදාත් හසන් මන්ටෝ’ කෘතිය හෙට (11) විදර්ශන පොත්හලේ දී

 

චූලානන්ද සමරනායක විසින් පරිවර්තනය කරන ලද ‘දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය
සදාත් හසන් මන්ටෝ’ කෘතිය හෙට (11) සෙනසුරාදා විදර්ශන පොත්හලේ දී එළිදකියි.

කළුබෝවිල, පන්සල පාර, අංක.33, විදර්ශන පොත්හලේ දී එළිදකින කෘතියේ පරිවර්තනයා වන චූලානන්ද සමරනායක මුණ ගැසී ඔහුගේ අත්සන සහිතවම පෙ. ව. 9 සිට ප.ව. 1 දක්වා කෘතිය මිලදීගත හැක.

‘දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය
සදාත් හසන් මන්ටෝ’ පරිවර්තනය – චූලානන්ද සමරනායක, පිටකවරය – දිනිඳු සිරිවර්ධන
පිටු – 780 මිල රු. 1200/-

පූර්ව ඇනවුම් සඳහා පහත සබැඳිය හරහා හෝ 070 100 4283 අංකයට වට්සැප් පණිවුඩයක් එවීමෙන්ද, 0112765020 | 0112765024 දුරකථන අංක වලට ඇමතීමෙන්ද හැක.

කෙටිකතා රචනයේදී තම එකම තරඟකරුවා දෙවියන්වහන්සේ යයි ප්‍රකාශ කරනා මන්ටෝ යනු ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨතම, එසේම ඉන්දියාව මෙන්ම පකිස්ථානය තුළද අමතක වන්නට ඉඩ හල ලේඛකයා ලෙස සැලකීම වැරදි නැත.
අධිකාරීන් විසින් නොතකා හරින ලද ද පාඨක ලෝකයට ඔහු කෙසේවත් අමතක වන්නේ නැති. ඔහු වනාහී කුරිරු ඉතිහාසයක සාක්ෂිකරුවෙකි, චෝදකයෙකි. ඒ කුරිරු ඉතිහාසයේ නිර්මාපකයන්ට සිය පන්හිඳෙන් සාහිත්‍ය ප්‍රහාරයන් එල්ල කරනා ඔහු අමතක කිරීම බරපතළ අපරාධයක් බව අපට ව්‍යංගයෙන් පවසයි. ඒ අර්ථයෙන් අද අපටද ඔහු ඉතා වැදගත්ය.
ඔබට මේ කතා ඉවසා දරාගන්නට බැරි නම් එහි අරුත සමාජය අප්‍රසන්න බවය. දැනටමත් විහින් නග්නව ඇති සමාජයක සළුපිළි ගලවන්නට මා කවරෙක්ද. මම එය ආවරණය කරන්නට තැත් නොකරමි. එය මගේ කාර්යයද නොවන්නේය. ඒ සන්නාලියන්ගේ කාර්යයි. ඔබට මගේ කතා කැත බවක් පෙනී යන්නේ නම් එහි අරුත ඔබ ජීවත් වන සමාජය කැත බවයි. මගේ කතා තුළින් මම සත්‍යය නිරාවරණය කරමි. එසේම මට මා දැනෙනුයේ සෑම දෙයම කැබලිවලට ඉරා යළි ඒවා එකතු කර මසන්නෙකු මෙනි.

– සාදාත් හසන් මන්ටෝ

(අපි දැන් මේක සෑහෙන කාලෙක ඉඳලා අහනවා: ඉන්දියාව මේකෙන් බේරගන්න, අරකෙන් බේරගන්න. ඒත් ඇත්තම කාරණේ නම්, ඔය ඉන්දියාව බේරගන්න ඕන කියන උදවියගෙන් තමයි ඉන්දියාව ඇත්තටම බේරගන්න ඕන.
– සදාත් හසන් මන්ටෝ

  • රශ්මික මණ්ඩාවල , ප.ලි. – ඉන්දියාව මකලා ලංකාව කියලා දාගත්තත් කමක් නෑ.
    මන්ටො ගේ කෙටිකතා හැටක විතර එකතුවක් චූලානන්ද සමරනායකයන්ගේ අතින් පරිවර්තනය වෙලා හෙට නිකුත් වෙනවා. අරගෙන කියවලා බලන්න වටින පොතක්. ඉංග්‍රීසියෙන් කෙටි කතා කිහිපයක් කියවලා තියෙනවා.)

 

Leave A Reply

Your email address will not be published.

fifteen + 10 =