සුනිල් සෝම පිරිස් අද(10) සිය දිවිසැරියෙන් නික්ම යයි

අසූව දශකයේ ලාංකේය විනෝදාස්වාද සිනමාවේ ජනප්‍රිය සිනමාකරුවෙකු වූ සුනිල් සෝම පිරිස් මහතා අද සිය දිවිසැරිය නිමාකොට තිබෙනවා. යසපාලිත නානායක්කාරගේ සිනමා පටවල සහය අධ්‍යක්ෂ වරයා ලෙස සිනමාවට පිවිසි මුල් යුගයේ කටයුතු කිරීමෙන් ලද ආභාසය නිසාදෝ එවන් ජනප්‍රිය කිරුළක් ඔහු නිර්මාණය කළ චිත්‍රපටත් දිනා ගත්තා. ‘ඔබට දිවුරා කියන්නම්’, ‘ජය අපටයි’, ‘මමයි රජා’, ‘රජ වැඩ කාරයෝ’, ‘සිනාසෙන්න රත්තරං’, ‘ඔබටයි ප්‍රියේ ආදරේ’ වැනි චිත්‍රපට දින සියය ඉක්මවා තිරගත වුණා. ඒ අතරින් ‘මමයි රජා’ චිත්‍රපටය දින දෙසියයක් තිරගත වුණා. එහි ප්‍රධාන රංගන ශිල්පියා වූ විජය කුමාරණතුංග ඝාතනය වීමත් ඊට තවත් හේතුවක්. සුනිල් සෝමගේ බොහොමයක් චිත්‍රපට එවක ජනප්‍රිය ඉන්දියානු සිනමාවේ අනුකාරක නිර්මාණ නමුත් ඒවායෙහි ආකර්ෂණය බැහැර කළ නොහැකියි. ඒ නිසාම ‘සුනිල් සෝම’ ඔහුගේ නම වගේම සිනමාවට ‘සෝමයක්’…! ඔහු සිනමාවේ ඩීමන් ආනන්ද කෙනෙක්.
සුබ ගමන් …!

-විකුම් ජිතේන්ද්‍ර

Leave A Reply

Your email address will not be published.

nineteen − six =